ආර්ථික වර්ධනය සදහා ආර්ථික වර්ධනය පමණක් සැහේ?
ආර්ථික වර්ධනය මගින් නිෂ්පාදිතය වැඩිවේ. මෙය ආර්ථික සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය සාධකයක් බව සැබැය. එහෙත් ආර්ථික සංවර්ධනය සදහා මෙය පමණක් සැහෙන්නේ නැත. ආර්ථික සංවර්ධනය සදහා ආර්ථික වර්ධනයට අමතරව තවත් වැදගත් තත්ත්වයන් කිහිපයක් ඉටු විය යුතුය.
ඒවා නම්
- ආදායම් ව්‍යාප්තියේ සාධාරණත්වය
- සෞඛ්‍ය,අධ්‍යාපනය, පෝෂණය පරිසරය සුරකිම යනාදි පහසුකමු දියුණු විම
- දුගි බව අඩු විම
- සේවා වියුක්තිය අඩු විම
ආර්ථික වර්ධනය ජන සංඛ්‍යාවට සාපේක්ෂව සසදා බැලිම ඒක පුද්ගල නිෂ්පාදිතය
ආර්ථිකයේ වැදගත්කම නම්, ඒ මගින් ජනතාවට වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමණයක් සපයා ගැනිමට හැකිවිමය මෙම තත්ත්වය පවතින්නට නම්, ජන සංඛ්‍යා වර්ධනයේ වේගයට වඩා වැඩි වේගයකින් නිෂ්පාදිතය වර්ධනය විය යුතුය. ආර්ථික වර්ධනයේ මෙම හැසිරිම, ඒක පුද්ගල නිෂ්පාදිතයේ වර්ධන වේගය මගින් පරික්ෂා කළ හැකිය .
ඒක පුද්ගල නිෂ්පාදිතය = මුළු නිෂ්පාදිතය
වසර මැද ජන සංඛ්‍යාව
මෙහිදි මුළු නාෂ්පාදිතය යන්න, ජාතික නිෂ්පාදිතය ලෙස හෝ ස්ථාවර මිල අනුව හෝ පවත්නා මිල අනුව හෝස්ථාවර මිල අනුව හෝ අවශ්‍ය පරිදි යොදා ගත හැකිය .
රටක නිෂ්පාදන සම්පත් සම්භාරය සහ ආර්ථික වර්ධනය අතර පවත්නා සම්බන්ධතාව
ආර්ථික වර්ධනය යනු, නිෂ්පාදන හැකියාවේ අඛණ්ඩ වැඩිවිමක් යනුවෙන්ද හැදින්විය හැකිය. මෙයින් පෙනි යන්නේ නිෂ්පාදන හැකියාවත්, ආර්ථික වර්ධනයත් අතර සෘජු සම්බන්ධතාවක් පවතින බවය.
ආර්ථිකය තුළ යම් කිසි නිෂ්පාදන හැකියාවක් බිහි කරන්නේ එම ආර්ථිකය සතු නිෂ්පාදන සම්භාරය යන්න මුලිකාංග දෙකකින් සමන්විත වේ. ඒවා නම්,
- නිෂ්පාදන සාධක ප්‍රමාණය
- නිෂ්පාදන සාධක වල ඵලදායිතාවය
නිෂ්පාදන සාධක යනු, කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවි ඇති ව්‍යවසායකත්වය ශ්‍රමය, ප්‍රග්ධනය, භුමිය යන නිෂ්පාදන සාධක වල ප්‍රමාණයයි.
නිෂ්පාදන සාධක ඵලදායිතාවය යනු, යම් යෙදවුමක සාපේක්ෂ නිමවුම් ප්‍රමාණයේ වැඩි විමකි. සාධක සේවාවල සමස්ථ ඵලදායිතා වර්ධනය, තාක්ෂණික දියුණුව මානව ප්‍රග්ධනය, භුමිය යන
ආර්ථික වර්ධනය යනු, නීෂ්පාදන හැකියාවේ අඛණ්ඩ වැඩිවිමකි.
ආර්ථික වර්ධනය මගින් සමස්ථ ආර්ථිකයේම නිෂ්පාදන හැකියාව ඉහළ යයි. එ බැවින් නිෂ්පාදන හැකියා මායිම ඉදිරියට තල්ලුවේ. එනම් දකුණු දෙසට අඛණ්ඩව විතැන් වේ.
3.1 රූපය බලන්න .එහි A1 B1 , A1,B1 යනු 2002 වසර ලෙසද A1,B2 යනු 2003 වසර ලෙස ද, A2,B2 2004 වසර ලෙස ද, සැළකුව හොත් 2002 ට වඩා 2003 වසරේද 2003 වඩා 2004 දිද වර්ධනය වි ඇත.