ආර්ථික වර්ධනය සමග ආර්ථික ව්‍යුහයද වෙනස් වන ආකාර‍ය
 

ආර්ථික වර්ධනයත් සමග ආර්ථිකයක ව්‍යුහය වෙනස් වන ආකාරය ආර්ථික වර්ධනයක් ඇතිවිමේදි ආංශික සංයුතියේ ප්‍රාථමික නිෂ්පාදන අංශයේ සාපේක්ෂ වැදගත් කම අඩුවේ. ඒ වෙනුවට ද්විතිය අංශය එනම් කාර්මික නිමවුමේ වැදගත්කම වැඩිවේ. එසේම තෘතිය අංශයේ එනම් සේවා අංශය ආර්ථිකය තුළ වඩාත් වැදගත් අංශය බවට පත් වේ. මෙම තත්ත්වය පහත සදහන් පරිදි පැහැදිලි කළ හැකිය.



  • ආර්ථික වර්ධන ක්‍රියාවලියේදි ආර්ථික ව්‍යහය වෙනස් විමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ, භාණ්ඩ හා සේවා සදහා ආදායම් ඉල්ලුම් සාමාන්‍යතාවයේ හැසිරිමයි. පහළ ආදායම් මට්ටම්වලදි පාරිභෝගික වියදම් තුල ආහාර සදහා දරන වියදම ඉතා ඉහළ වන අතර
  • ආදායම වැඩිවන විට පාරිභෝගික වියදම තුළ ආහාර සදහා දරණ වියදම සාපේක්ෂ වශයෙන් අඩුවේ.
  • ජනතාව අතර ආදායම වැඩිවන විට කෘෂි භාණ්ඩ සදහා ඇති ආදායම් ඉල්ලුම් නම්‍යතාවය අඩුවේ. එනම් ආදායම් අඩුවන විට කෘෂි භාණ්ඩද (නිද: ප්‍රාථමික ආහාර ද්‍රව්‍ය) සදහා ඇති ඉල්ලුම අඩු වේ. අනෙක් අත‍ට කාර්මික භාණ්ඩවල ඇති ආදායම් ඉල්ලුම් නම්‍යතාව වැඩි වේ.
  • දියුණු ත‍ාක්ෂණය නිසා කෘෂි අංශයේ ඵලදායිතාව වැඩි වේ. ඒ අනුව කෘෂි අංශයේ ශ්‍රම සේවා යෙදවිම අඩුවන අතර, කෘෂි අංශයේ ශ්‍රමය ඇතුළු අනෙකුත් සම්පත් කාර්මික හා සේවා අංශ වලට මාරු වේ.
  • කර්ම‍ාන්ත හ‍ා සේවා යන අංශ වලට ශ්‍රමය ඇතුළු අනෙකුත් සම්පත් යෙදවිම වැඩි වේ .

සංවර්ධන ක්‍රියාවලියක් බිහිකිරිම සදහා ආර්ථික වර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකෙන්නේ මන්ද


මෙයට හේතු කිහිපයකි ඒවා නම්,



  • ආර්ථික වර්ධනය,ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරිමට බලපාන ප්‍රධාන සාධකයක් විම
    (සංවර්ධිත ක්‍රියාවලියක් බිහි කිරිම සදහා ආර්ථිකයේ ව්‍යුහත්මක වෙනස්විම් සිදුවිම ආවශ්‍ය වේ.)

  • ආර්ථික වර්ධනය නිසා මිනිස් අවශ්‍යතා සපුරා ගැනිම‍ට ඇති හැකියාවඉහළ යැම
    (සංවර්ධන ක්‍රියා‍වලියේදි ජනතාවට සිය මුලික අවශ්‍යතා ඉටුවන පරිදි  වැඩි භාණ්ඩ හා සේවා ප්‍රදාණයක් පරිභෝජනය කිරිමේ අවස්ථාව පැවැතිය යුතු වේ.
  • (c) Shilpa Sayura Foundation 2006-2017