ලෝක වෙළද සංවිධානය
 

ලෝකයේ නිදහස් වෙළදාම සංවර්ධනය කිරිම මගින් අන්තර්ජාතික ආර්ථික සහයෝගිතාවය නැංවිමෙහිලා ක්‍රියාත්මක වන්නාවු ප්‍රධාන ජගත් සංවිධානය ලෙස වෙළද සංවිධානය WTO හැදින්විය හැකිය.


ලෝක වෙළද සංවිධානය පිහිටුවන ලද්දේ 1995 ජනවාරි 1 දිනය. එතෙක් ක්‍රියාත්මකව පැවැති වෙළදාම හා තිරුබදු පිළිබද ගිවිසුම හෙවත් GATT අහෝසි කර, ඒ වෙනුවට මෙන්ම, ඊට වඩා පුළුල් අරමුණුවලින්ද යුක්තව මෙම සංවිදානය පිහිටුවන ලදි.


උරුගුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ගැටි සම්මුතිය නිමකර 1995 දි ලෝක වෙළද සංවිදානය පිහිටුවා ගනු ලැබිය නිදහස් වෙළදාම ලෝකයේ පුරාම ව්‍යාප්ත කිරිමේ අරමුණ ඇතිව දිර්ඝ කාලයක් තිස්සේ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වෙළද සංවිදාන පිහිටුවා ගැනිමට රටවල් සමත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017