සෘජු විදේශ ආයෝජන කරනු ලබන්නේ බහු ජාතික සමාගම් විසින්ය. බහු ජාතික සමාගම් යනු, බහු ජාතින් අතර නැතහොත් විවිධ රටවල් තුල ලාභ ඉපයිමේ අරමුණින් ව්‍යාපාර කටයුතු සිදුකරණ ආයතනයන්ය. මෙම ආයතන වල උප සමාගම් විවිධ රටවල පවතින අතර, ඒවායේ ප්‍රධාන සමාගම් හෙවත් මව් සමාගම් එක රටක පිහිටුවා තිබේ.
විදේශ ආයෝජන වල ප්‍රධාන වාසි
- විදේශ විනිමය රටතුළට ගලා ඒම
- දේශිය අමුද්‍රව්‍ය වල භාවිතය ඉහළ යාම
- රැකියා අවස්ථා වැඩිවිම
- විදේශ වෙළද පොළ පහසුකම් ලැබිම
- නව විදේශ තාක්ෂණය හා කළමණාකරණ රටට ලැබිම
- ඉහළ ගුණත්වයෙන් යුත් භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව සැළසීම
- අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනයට ඉඩක් ලැබිම
විදේශ ආයෝජනවල ප්‍රධාන අවාසි
- ලාභ විශාල වශයෙන් පිටරටවලට ගලා යැම
- විවිධ උපක්‍රම භාවිතයෙන් රජයට ලැබිය යුතු තීරු බදු , සහ වෙනත් ගෙවිම් අඩුවෙන් ගෙවිම හෝ පැහැර හැරිම
- බහු ජාතික සමාගම් විසින් රටේ දේශපාලන හා ආර්ථික කටයුතු වලට බලපෑම් ඇති කිරිම
- රටේ ස්භාවික සම්පත් අධිතක්සේරු විම
- දේශිය ව්‍යවසායකයින් සදහා ඇති ව්‍යවසායක අවස්ථා සීමා විම
- විදේශ තාක්ෂණය හා විදේශ භාණ්ඩ සදහා වැඩි නැමියාවක් ඇති වි
- දේශිය කර්මාන්ත වලට බලවත් තර්ජනයක්එල්ලවිම