විදේශ ණය වෙනුවෙන් ගෙවන ණය වාරික හා පොළිය, භාණ්ඩ හා සේවා අපනයන ඉපයුම් වල ප්රතිශතයක් වශයෙන් හෝ භාණ්ඩ හා සේවා අපනයන ඉපයුම්, පෞද්ගලික සංක්රම ඉපයුම් යන කොටස්වල එකතුවෙහි ප්රතිශතයක් වශයෙන් හෝ දැක්විම විදේශ ණය සේවා අනුපාතිකය යන්නෙන් අදහස් වේ.
විදේශ ණය වෙනුවෙන් ආපසු ගෙවිමට ඇති ණය වාරික හා පොළි, යන කොටස් දෙකෙහි එකතුව ණය සේවාකරණ ගෙවිම් යනුවෙන් හැදින්වේ.
විදේශ ණය සේවා අනුපාතිකය ශ්රි ලංකා මහ බැංකු විසින් පහත සදහන් පරිදි ක්රම දෙකකට ගණනය කෙරේ.
- 1 ක්රමය
විදේශ ණය වාරික + පොලි x100
භාණ්ඩ හා සේවා අපනයන ඉපයුම් + පෞද්ගලික සංක්රම
- 2 ක්රමය
විදේශ ණය වාරික + පොලි x 100
භාණ්ඩ හා සේවා අපනයන ඉපයුම්