විගැහි යනු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බිහිකර ඇති අන්තර්ජාතික වත්කමකි .මෙය හදුන්වා දුන්නේ 1970 දිය. මේවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජික රටවලට නිකුත් කෙරෙන අතර එම රටවල් අතර නිල ගනු දෙනු පියවා ගැනිම සදහා යොදාගත හැකිය. එමෙන්ම ජාත්‍යන්තර අරමුදලේ සාමාජික මුදල් ගෙවිම සදහා ද යොදාගත හැකිය.
වි.ගැ.හි එකක වටිනාකම තීරණය කරන්නේ ,අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රධාන මුදල් වර්ග බව තබන ලද සාපේක්ෂ අගය මගිනි 1999 ට පෙර මෙම බර තැබිම සදහා ඇමරිකානු ඩොලර්, ඩොයිෂ් මාර්ක්, ජපානයේ යෙන, ප්‍රංශ ෆෑන්ක් බ්‍රිතාන්‍ය පවුම් යන මුදල් ඒකක වල පදනම් කරගත් අතර 1999 සිට යොදාගන්නා බර තැබිම පහත සදහන් පරිදි වේ.
මුදල් ඒකක බරතැබිම
ඇමරිකානු ඩොලර් 39%
යුරෝ 32%
ජපානයේ යෙන් 18%
බ්‍රිතාන්‍ය පවුම් 11%
වි.ගැ.හි මුල්‍ය වත්කම් ලෙස මෙන්ම ගිණුම් ඒකකයක් ලෙසද ක්‍රියාත්මක කළ හැකිය. වි.ගැ.හි ව්‍යවහාර මුදලක් ලෙස සැලකෙන්නේ නැත.