මුදල් අවප්‍රමණය
 

මුදල් අවප්‍රමාණය යනු, දේශීය මුදලේ විදේශ අගය අඩු කිරිමය. එය දේශිය මුල්‍ය බලධාරින් විසින් ගනු ලබන තීරණයකි .


මුදල් අවප්‍රමාණයට තුඩු දෙන හේතු



  • රටේ විදේශ සම්පත් ආරකෂාකර ගැනිමට (විශේෂයෙන්ම විදේශ මුදල් සදහා අධි ඉල්ලුමක් පවතික තත්ත්වයක් යටතේ )
  • රටේ විදේශ වෙළදාමට බලපැමක් ඇති කළ හැකි විදේශ මුදලක් අවප්‍රමාණය කර ඇති විටකදි
  • ගෙවුම් ශේෂයේ අඛණ්ඩව පවත්නා අසමතුලිතතාවක් පාලනය කර ගැනිමට

අවප්‍රමාණයේ ප්‍රධාන වාසි



  • ගෙවුම් තුලනයේ ජංගම ගිනුමේ හිගයක් පවතිනම් එය අඩු විම
  • ආනයනය අධෛර්ය කිරිමත් සිදු කළ හැකිය
  • අපනයන වල විදේශ මිල පහළ යැමෙන් අපනයන ඉල්ලුම වැඩිවිය හැකිය.
  • අවප්‍රමණය මගින් අපනයනයන්හි දේශිය මුදල් අගය ඉහළ මට්ටමකට පත්වන බැවින්,එම ඉපයිම් විදේශ රටක තබනව‍ාට වඩා තම රටට ගෙන ඒම අපනයන කරුවන්නට වාසි දායක වනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017