විනිමය අනුපාතිකය අධී තක්සේරු විම
විනිමය අනුපාතිකයේ නාමික අගය වැඩි නොවුණද, විනිමය අනුපාතිකය මගින් කෙරෙන ආර්ථික ප්‍රතිඵලය ඉහළ මට්ටමකින් යුක්තවි, විනිමය අනුපාතිකය අධි තක්සේරු විම යන්නේන් අදහස් වේ.
නිදසුන:
- විදේශ විනිමය ඉල්ලුම හා සැපයුම අනුව තිරණය වන විනිමය අනුපාතිකය වෙනුවට ඊට වඩා අඩු විනිමය අනුපාතිකයක් මුල්‍ය බලධාරින් විසින් නියමකර ඇති විට,
- අර්ථීකයේ මිල උද්ධමනකාරි තත්ත්වයක් පවත්නා විට අපනයන පිරිහෙන අතර ආනයන වර්ධනය වනු ඇත. මෙම තත්ත්වය යටතේ විනිමය අනුපාතිකය තක්සේරු විය හැකිය.
විනිමය අනුපාතිකය ඌන තක්සේරු විම
විනිමයේ අනුපාතිකයේ නාමික අගය අඩු නොවුනද, විනිමය අනුපාතිකය මගින් ඇතිකරන ආර්ථික ප්‍රතිඵලය පහල මට්ටමකින් යුක්ත විම, විනිමය අනුපාතිකය ඌන තක්සේරු විම යන්නෙන් අදහස් වේ .
නිදසුන්: මිල අවධමන තත්ත්වයකදි අපනයන වර්ධනය විමත, ආනයන පිරිහිමත් හේතු කොටගෙන විනිමය අනුපාතිකය ඌන තක්සේරු විය හැකිය