විදේශ විනිමය සදහා ඇති ඉල්ලුම සහ විදේශ විනිමය සදහා ඇති සැපයුම අනුව විනිමය අනුපාතිකය තිරණය විම, නිදහසේ විනිමය අනුපාතික ක්‍රමය ලෙස සැළකේ. මෙය මිල විනිමය අනුපාතික ක්‍රමය නම්ය විනිමය අනුපාතික ක්‍රමය, නිදහසේ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය යනාදි යෙදුම්වලින්ද හැදින්වේ.
මෙහෙදි විනිමය අනුපාතිකය තිරණය විම සදහා මුල්‍ය අධිකාරියක මැදිහත් විමක් නොමති බව සාමන්‍යයෙන් පිළිගැනේ.වෙළද පොළ බලවේගයන්තුල ක්‍රියාත්මක විම තුලින් පමණක් එය තිරණය වේ. ඒ අනුව මුදල් තොගයන්හි ඇති ප්‍රමාණය මත සහ එම මුදල් තොගවල ඇති ඉල්ලුම, සැපයුම මත ඒවායේ මිල හෙවත් විනිමය අනුපාතිකය ඉහළ යා හැකිය.
මෙසේ මුදල් තොගයන්හි ඇති ඉල්ලුමට සහ සැපයුමට පදනම් වන්නේ කුමක්ද? ඊට පදනම් වන්නේ රටේ ගෙවුම් තුලනයේ (ගෙවුම් ශේෂයේ ) බැර පැත්තේ හා හර පැත්තේඇති විවිධ අයිතමයන්ය. එබැවින, ගෙවුම් ශේෂ න්‍යාය, ගෙවුම් තුලන තර්කය, යනාදි යෙදුම්වලින්ද, නිදහස් විනිමය න්‍යය හැදින්වේ.
ගෙවුම් තුළන ලේඛනයේ හර පැත්තේ භාණ්ඩ ආනයන, සේවා ගෙවිම්, සංක්‍රාම සදහා වු ගෙවිම්, විදේශ රටවල අායෝජනය කිරිම්, විදේශීකයන්ට ණය දිම් ආදියයි. මේ සදහා ජනයා දේශිය මුදල් සපයා විදෙශ විනිමය ඉල්ලුම් කරයි. මේ අනුව විදේශ විනිමය සදහා වු ඉල්ලුම ගෙවුම් තුලනයේ හර අයිතම කෙරෙන් හට ගන්නා බව පැහැදිලි වෙයි.
ඊලගට ගෙවුම් තුලනයේ බැර පැත්ත සලකා බලමු.ගෙවුම් තුලන ලේඛනයේ බැර පැත්ත, භාණ්ඩ අපනයන, සේවා ලැබිම්, සංක්‍රාම ලැබිම්, සෘජු ආයෝජන ලැබිම්, විදේශ ණය ලැබිම් ආදිය දැක්වේ. මේවා මගින් විදේශ විනිමය (විදේශ මුදල් ) සැපයෙන අතර ඒ මගින් දේශීය මුදල් ඉල්ලුම ඇති වේ. මේ අනුව විදේශ විනිමය සදහා වු සැපයුම ගෙවුම් තුලනයේ බැර අයිතම කෙරෙන් හට ගන්නා බව පැහැදිලි වේ.
මෙම මුදල් සැපයුම බලවේග ක්‍රියාත්මක විම තුළින් දේශීය මුදල් සදහා ඉල්ලුම් වක්‍ර හා සැපයුම් වක්‍රය ගොඩ නැගෙන අතර එම වක්‍ර එකිනෙකිට ඡේදනය වන ස්ථානයේ විදේශ විනිමය අනුපාතිකය තිරණය වේ . 2.1 රූපය මගින් මෙය තවදුරටත් පැහැදිලි වනු ඇත.
මේ ආකාරයට නිදහස් වෙළද පොළ විදේශ විනිමය ඉල්ලුම හා සැපයුම් බල වේග මගින් තීරණය වන විනිමය අනුපාතිකය, නිදහසේ පාවෙන විනිමය අනුපාතිකය, යනුවෙන්ද ඉහත හැදින්වේ.
පාවෙන විනිමය අනුපාතික ක්‍රමය ශ්‍රි ලංකාවේ ද ක්‍රියාත්මක වේ. එබැවින් පාවෙන විනිමය අනුපාතික ක්‍රමය පිළබද තවත් කරුණු ස්වල්පයක් සලකා බලමු.
ආර්ථීක විද්‍යඥයන් දක්වන අන්දමට ව්‍යවහර මුදල් පාවිම ප්‍රධාන වශයෙන් දෙයාකාර වේ. එනම්,
- අපවිත්ර්පාවිම (Dirty Floating)
- පවිත්‍ර පාවිම (Clean Floating