විදේශ විනිමය මිලට ගැනිම සහ විකිණිම සදහා රටක් විසින් විනිමය අනුපාතික කිහිපයක් පවත්වාෙගන යයි නම් එය බහු විනිමය අනුපාතික ක්රමය යනුවෙන් හැදින්වේ.
විදේශ විනිමය පිළිබද දැඩි නිති රිති බල පැවැත්වෙන රටවල බොහෝ විට බහු විනිමය අනුපාතික ක්රමයක් ක්රියාත්මක වනු දැකිය හැකිය. ඒ ඒ කාර්යයන් සදහා විවිධ විනිමය අනුපාතික යටතේ විදේශ විනිමය ලබා දිම මෙහිදි සිදුවේ.
1968 සිට 1977 දක්වා ශ්රි ලංකාවේ ක්රියාත්මක ද්විත්ව විනිමය අනුපාතික ක්රමයක් සදහා හොද නිදසුනකි. ඒ අනුව ශ්රි ලංකා රුපියල් හා විදේශ මුදල් අතර ක්රියාත්මක වු නිල විනිමය අනුපාතිකවලට අමතරව වි.වි.හි.ස (විදේශ විනිමය හිමිකම් සහතික පත්ර ක්රමය නමින් තවත් විනිමය අනුපාතිකයක් ක්රියාත්මක විය.