ගෙවුම් තුලනයේ කෙටි කාලින හිගයක් පවති නම්, විදේශ සංචිත භාවිතා කිරිම, ණය ලබා ගැනිම යනාදි ක්‍රමවලින් එය පියවිම, ගෙවුම් තුලන මූල්‍යකරණ යනුවෙන් හැදින්වේ.
ගෙවුම් තුලනයේ දිගු කාලින හිගයක් හෙවත් මුලුබැස ගත් ගෙවුම් තුලන දුෂ්කරතාවක්, පිරිහිමක්, පවති නම් එය, විනිමය අනුපාතිකය පහත දැමිම, අපනයන ප්‍රවර්ධනය යනාදි ක්‍රම මගින් පියවා ගැනිම, ආර්ථික ගැලපිම් යනුවෙන් හැදින්වේ.
ගෙවුම් තුලනයේ දිගු කාලීන හිගයක් පැවතිමට ප්‍රධාන හේතුන්
- අපනයන ඉපයුම්වලට වඩා ආනයන වියදම් වැඩිවිම.
- විදේශයෙන් ගලා එන ප්රාග්ධනය අඩුවීම.
- රට තුළ මිල උද්ධමනය ඉහළ යාම හේතු කොට ගෙන දේශීය නිෂ්පාදිත ගණන් ඉහළ යාම. මෙය වෙළද ශේෂය වැඩි කිරිමට හේතු වන්නකි.
- විදේශ ණය වැදි වීම හේතු කොට ගෙන වැඩි ණය පොළි ප්‍රමාණයක් ගෙවිමට සිදු වීම.
දිගු කාලීන ගෙවුම් තුලන ප්‍රශ්නයක් පියවා ගැනිම සදහා යොදා ගැනෙන ක්‍රියා මාර්ග
- ආනයන අධෛර්යමත් කිරිම තුළින් ආනයන වියදම් අඩුකර ගැනීම
- අපනයන දිරි ගැන්විම මගින් අපනයන ඉපයුම් වැඩිකර ගැනීම
- මුදල් අවප්‍රමාණය කිරිම
මුදල් අවප්‍රමාණය නිසා අපනයනවල මිල විදේශීය මුදලින් අඩුවන අතර ආනයනවල මිල දේශිය මුදලින් ඉහළ යයි.මේ මගින් අපනයන ඉපයුම් වැඩිකර ගැනීම සහ ආනයන වියදම් අඩුකර ගැනීම අපේක්ෂා කෙරේ.
- විනිමය පාලනය
විදේශ විනිමය සංචිත පාලනය මගින් රට තුළ විදේශ විනිමය රදවා ගැනීම මේ මගින් අපේක්ෂා කෙරේ.
- දේශිය මිල උද්ධමනය පාලනය කිරිම
අපනයන ඉපැයුම් අඩුවිම වළක්වා ගැනිමත, ආනයන වියදම වැඩි විම වළක්වා ගැනිමත් මේ මගින් ප්‍රධාන වශ්යහයෙන් අපේක්ෂා කෙරේ.