ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය
 

ගෙවුම් තුලනයේ වර්තන ගිණුමේ හෙවත් ජංගම ගිණුමේ ශේෂය සමග ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුම් ශේෂය ගැළපු විට ලැබෙන ශේෂය, සමස්ත ශේෂය යනුවෙන් හැදින්වේ. සමස්ත ශේෂය හිගයක් වශයෙන් හෝ අතිරික්තයක් වශයෙන් හෝ පැවතිය හැකිය.


යම් වර්ෂයක් සදහා ගෙවුම් තුලනයේ සමස්ත ශේෂයේ හිගයක් පැවතීම යන්නෙන් අදහස් වන්නේ, එම වර්ෂය තුල විදේශ ගෙවීම්, විදේශ ලැබීම්වලට වඩා වැඩි බවය. එවැනි විදේශ මූල්‍ය මාර්ගවලින් එම හිගය පියවිය යුතුය. එමෙන්ම සමස්ත ශේෂයේ අතිරික්තයක් පැවතුනහොත් එම ප්‍රමාණයෙන් රට සතු විදේශ වත්කම් ප්‍රමාණය ඉහළයනු ඇත.


නිල විදේශ වත්කම් (ශුද්ධ නිල සංචිත) ප්‍රමාණයේ වෙනස්වීම් මගින් සමස්ත ශේෂය මැන දැක්වෙන බව


ගෙවුම් තුලනයේදී මුල්‍ය අංශයේ ඇතිවන පුර්ණ වෙනස්වීම් (එනම් මූල්‍ය වෙනස්වීම් ප්‍රමාණය) සමස්ත ශේෂයට සමාන විය යුතුය. මූල්‍ය අංශයේ ඇතිවන අඩු වැඩිවිම්වලට සමාන ප්‍රමාණයකින් ශුද්ධ නිල සංචිතවලද වෙනස් වීමක් සිදුවන බැවින් සමස්ත ශේෂයේ කිසියම් අතිරික්තයක් ඇත්නම් එය රටක ශුද්ධ නිල විදේශ වත්කම් ප්‍රමාණයේ වෙනස් විම් මගින් සමස්ත ශේෂය මැන දැක්වෙන බව පැවසෙන්නේ මේ නිසාය. ශුද්ධ නිල විදේශ වත්කම් හෙවත් ශුද්ධ නිල සංචිත යනුවෙන් හදුන්වන්නේ මහ බැංකුව සහ රජය සතු විදේශ වතිකම්වල ශුද්ධ වටිනාකම බව සලකන්න.




    • 2.6 සංඛ්‍යා සටහන

                        වර්ෂ කිහිපයක ගෙවුම් තුලනයේ ගිණුම්වල ශේෂයන්
                                        (එ.ජ.ඩොලර් දශ ලක්ෂ)


                                                  1990      1998      1999       2000      2001       2002

වෙළද ශේෂය                               -703    -1092     -1369      -1798    -1157      -1406
අපනයනය                                  1984      4798      4610       5522      4817       4699
ආනයන                                      1984      4798      4610       5522      4817       4699
සේවා හා ආදායම් ගිණුම (ශුද්ධ)   2686      5889      5979       7320      5974       6106
ජංගම පෞද්ගලික සංක්‍රාම (ශුද්ධ)   -98        -35       -107        -266     -92            19
ජංගම නිල සංක්‍රාම (ශුද්ධ)               62         52           26           24         22            26
ජංගම ගිණුමේ ශේෂය                  -377       -226      -563       -1066       -244       -264
සමස්ත ගිණුමේ ශේෂය                 119          37      -263         -522         220        338

(c) Shilpa Sayura Foundation 2006-2017