නව ඉදිරිපත් කිරිම අනුව ගෙවුම් තුලනයේ ජංගම ගිණුමට ගිණුම් 4 අයත් වේ.
- වෙළද භාණ්ඩ
- සේවා
- ආදයම්
- ජංගම සංක්‍රාම
මෙම ගිණුම්වල ශුද්ධ ශේෂයන්ගේ එකතුව ජංගම ගිණුෙමි ශේෂය යනුවෙන් හැදින්වේ.
ගෙවුම් තුළනයේ ජංගම ගිණුම, වර්තන ගිණුම යනුවෙන් හැදින්වේ ජංගම ගිණුමේ ශේෂයේ හිගය,ප්‍රග්ධන හා මුල්‍ය ගිණුමේ ධන ශේෂය යොදාගෙන පියවා ගනු ලැබේ.
ජාතික ගිණුම් සහ ගෙවුම් තුලනයේ ජංගම ගිණුම් අතර සම්බන්ධතාව
ජාතික නිෂ්පාදන ඇසුරෙන් සකස් කරන ජාතික ගිණුම් සහ ගෙවුම් තුලනයේ ජංගම ගිණුම් (වාර්තන ගිණුම) අතර පවත්නා සම්බන්ධා තුනක් දැක්විය හැකිය. ඒවා නම් ගිණුම් (වර්තන ගිණුම) අතර පවත්නා සම්බන්ධතා තුනක් දැක්විය හැකිය. ඒවා නම්
- දළ දේශිය වියදම, දළ ජාතික නිෂ්පාදිතය මත කළ වියදම් බවට පරිවර්තන කිරිම පිණිස, ගෙවුම් තුලනයේ වර්තන ගිණුමේ ශේෂය එකතුකර ඉන් ජංගම සංක්රම ගිණුමේ ශේෂය අඩු කළ යුතු වේ.
(දළ දේශිය වියදම + වර්තන ගිණුමේ ශේෂය - ජංගම සංක්‍රාම ගිණුමේ ශේෂය = දළ ජාතික නිෂ්පාදිතය මත කළ වියදම )
- තවද දළ දේශීය වියදමට ෙගවුම් තුලනයේ වර්තන ගිනුමේ ශේෂය එකතු කිරිමෙන් වැය කළ හැකි දළ ජාතික වියදම වියදම ලැබේ.
(දළ දේශිය වියදම + වර්තන ගිනුමේ ශේෂය = වැය කළ හැකි දළ ජාතික වියදම.)
- දළ දේශිය නිෂ්පාදිතයට ගෙවුම් තුලනයේ ආදායම් ගිණුමේ ශේෂය ගැළපු විට දළ ජාතික නිෂ්පාදිත අගය ලැබේ.
(දළ දේශිය නිෂ්පාදිතය + ආදායම් ගිණුමේ ශේෂය = දළ ජාතික නිෂ්පාදිතය)