- ආර්ථික ලිහිල්කරණය
ආර්ථික ලිහිල්කරණය යනු, ජාත්‍යන්තර වෙළදාම, විනිමය අනුපාතිකය, සම්පත් බෙදා හැරිම, යනාදි කෙරෙහි ඇති රජයේ සෘජු පාලන ප්‍රතිපත්තිය ඉවත් කිරිමයි. මෙයින් මිල ක්‍රමයේ ක්‍රියාකාරිත්වය වඩාත් තහවුරු වන අතර විවෘත ආර්ථික ක්‍රමයට පිවිසිමටද සිදු වේ මෙමගින් අපනයන වර්ධන ඇතුළු ආර්ථික වෘද්ධිය අපෙක්ෂා කෙරේ.
ශ්‍රි ලංකාව ආර්ථික හා වෙළද කටයුතු ලිහිල්කිරිම 1977 ආර්ථික ප‍්‍රතිසංස්කරණ මගින් ආරම්භ කරන ලදි. ඉන් පසු ශ්‍රි ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වෙළද ක්‍රමයට නැබුරු කර ඇත. එමෙන්ම රාජ්‍ය විස්වාසය බොහෝ දුරට පෞද්ගලිකරණයට යටත් කර ඇත .මේ අනුව ශ්‍රි ලංකව ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන රටක් වශයෙන් පිළි ගැනේ.
- ලිහිල් ආර්ථිකයක් පාලිත ආර්ථිකයකින් වෙන් කර හදුනා ගත හැකි නිර්නායක
රටේ ගෙවුම් ශේෂය ගිනුම් පාලනය කර ඇති ප්‍රමාණය විනිමය පාලනය, ආනයන පාලනය, ආනයන තීරු බදු, පෞද්ගලික ව්‍යවසායක කටයුතු කෙරෙහි සිමා පැනවිම ඇතැම් භාණ්ඩ නිෂ්පාදනය රාජ්‍ය අංශයට පමනක් සිමා කිරිම, යනාදි ලිහිල් ආර්ථිකයක් පාලිත ආර්ථිකයකින් වෙන්කර හදුනා ගැනිම සදහා යොදා ගත හැකි ප්‍රධාන නිර්නායක ලෙස හැදින් වේ.
- ගෙවුම් ෙශ්ෂයේ ඇතුළත් ගිනුම් විමසා බැලිම තුලින් ශ්‍රි ලංලාවේ ආර්ථිකය කොතරම් දුරට ලිහිල් ආර්ථිකයක්ද යන්න සළකා බැලිම
රටක ගෙවුම් ශේෂයේ ඇතුළත් ගිනුම් කොතරම් දුරට පාලනයට යටත්කර තිබේද? නැතහොත් පාලනයකින් තොරව නිදහසේ ක්‍රියාත්මක වේද ? යන්න එම රටේහි ආර්ථිකය කොතරම් දුරට ලිහිල් ආර්ථිකයක්ද යන්න සලකා බැලිමේදි යොදා ගත හැකි ප්‍රධාන නිර්නායක ලෙස සැළකේ.
ලිහිල් ආර්ථික ප්‍රතිපත්තිය යටාතේ ශ්‍රි ලංකාවේ ගිනුම් ශේෂය ගිනුම්වල සිදු කර ඇති ප්‍රධාන වෙනස්කම් පහත දැක්වේ.
- ජංගම ගිණුමේ ගනු දෙනු පාලනයෙන් නිදහස් කර තිබිම. (භාණ්ඩ හා සේවා ආනයන, අපනයන, සංක්‍රාම ගනුදෙනු )
- ප්‍රග්ධන ගිනුමේ ගනු දෙනු තරමක් දුරට පාලනයකින් නිදහස්කර ඇත. ඒ අනුව වර්තන කටයුතු සදහා මෙන්ම ප්‍රග්ධන කටයුතු සදහාද විදේශ විනිමය ලිහිල් කර ඇත.