- මෑත වර්ෂවල ආනයන ව්‍යුහ තුළ වඩාත් වැදගත් වන්නේ අන්තර් භාණ්ඩයි. ප්‍රධාන අන්තර් භාණ්ඩ අතර, රෙදි පිළි හා ඇගළුම්, ඛනිජ තෙල්, රසායනික ද්‍රව්‍ය යනාදි වැදගත් වේ. මුළු ආනයන වියදමින් දළ 50% කට වඩා වැඩි ප්‍රතිශතයක් අන්තර් භාණ්ඩ වේ . 2000 වසරේදි එම ප්‍රතිශතය 2% ක් වු අතර 2002 දි 57% ක් විය.
- ආනයන ව්‍යුහය තුළ දෙවැනි තැන හිමි වන්නේ ආයෝජන භාණ්ඩවලටය. යන්ත්‍ර සුත්‍ර උපකරණ, ගොඩ නැගිලි ද්‍රව්‍ය, ගමනා ගමන උපකරණ ආයෝජන භාණ්ඩ අතර වැදගත් වේ. මෑත වර්ෂවල මුළු ආනයන වියදමින් 20% ක පමණ සාපේක්ෂ දායකත්වයක් ආයෝජන භාණ්ඩ වලට හිමිවි ඇත. 2000 වර්ෂයේදි එය 24% ක් වු අතර 2001 දි 18% ක් ද 2002 දි 19% ද වි ඇත.
- ආනයන සංයුතිය තුළ තෙවන ස්ථානය හිමිව ඇත්තේ පාරිභෝගික භාණ්ඩවලය. ආහාර පාන වර්ග, කල්පවත්නා පාරිභෝගික ද්‍රව්‍ය, යනාදිය පාරිභෝගික භාණ්ඩ අතර වැදගත් වේ. මුළු ආනයන වියදමින් පාරිභෝගික භාණ්ඩ සදහා සාපේක්ෂ වියදම් ප්‍රතිශතය 20% ක් පමණ වේ .එය 2000 වසරේදි 19% ක් වු අතර 2002 දි 22% වි ඇත.