අපනයන ව්‍යුහයේ
 

1997 – 2002 කාලයේ ශ්‍රි ලංකාවේ අපනයන ව්‍යුහයේ සිදු වු වැදගත් වෙනස් විම්



  • රෙදි පිළි හා ඇගළුම් තවමත් කාර්මික අපනයන අතර ප්‍රමුඛස්ථානය දරයි.
  • 1977 දි මුළු කාර්මික ආයතන වලින් 2% ක් වු රෙදි පිළි හා ඇගළුම් අපනයන ප්‍රතිශතය 2002 දි 51 දක්වා වර්ධනය වි විය’
  • කාර්මික අංශයන්හි දායකත්වය 1977 දි 14% ක් වු අතර, 2002 දි 77% දක්වා ක්‍රමයෙන් වර්ධනය විය.
  • මෙයට අනුකුලව 1977 දි සියයට 79 ක් වු කෘෂිකාර්මික අංශයේ දායකත්වය 2002 දි සියයට 20 දක්ව‍ා අඩු විය.
  • ඛණිජ අපනයන ඇතුළු අනෙකුත් අපනයන්ගේ දායකත්වය 1977 7% ක් වු අතර 2002 දි සියයට 3 දක්වා අඩු විය. 1992 සිට 2002 දක්වා වු දශකයක කාලපරිච්ඡේදය තුළ කාර්මික අපනයන දායකත්වය නොකඩවා වර්ධනය වු අතර, කෘෂිකාර්මික අපනයනයන්ගේදායකත්වය පහත වැටිමට ලක්විය.

දළ අපනයන ඉපයුම් හා ශුද්ධ අපනයන ඉපයුම්


ආනයන යෙදවුම් වල වටිනාකමද ඇතුළත් අපනයන ඉපයුම් අගය දළ අපනයන ඉපයුම් ලෙස සැළකේ.


දළ අපනයන ඉපයුම් වලින් ආනයන යෙදවුම්වල වටිනාකම අඩු කළ විට,එම අගය ශුද්ධ අපනයන ඉපයුම් ලෙස සැළකේ.


ශ්‍රි ලංකාවේ ඇගළුම්, ඛණිජ තෙල් නිෂ්පාදන වැනි කාර්මික භාණ්ඩවල දළ අපනයන ඉපයුම් අගය ඉතා ඉහළය. ඊට හේතුව ඒවා සදහා වැඩි ආනයන යෙදවුම් ප්‍රමාණයක් භාවිතා කිරිමය.


අනික් අත‍ට වැවිලි භෝග වැනි කෘෂිකාර්මික භාණ්ඩවල ආනයන යෙදවුම් අනුපාතය ඉතා අඩුය. එබැවින් ශ්‍රි ලංක‍ාවේ කෘෂිකාර්මික භාණ්ඩ වල ශුද්ධ අපනයන ඉපයුම් අගය බොහෝ කාර්මික භාණ්ඩවල අපනයන ඉපයුම් අගයට වඩා ඉහළ ම‍ට්ටමක පවති. 


ශ්‍රි ලංකාවේ ආනයන සංයුතිය.


ශ්‍රි ලංකාවේ ආනයන සංයුතිය (ආනයන ව්‍යුහය ) පහත සදහන් අංග වලින් සමන්විත වේ.



  • පාරිභෝගික භාණ්ඩ
  • අන්තර් භාණ්ඩ
  • ආයෝජන භාණ්ඩ
  • වර්ග නොකළ ආනයන

මෙම අංශ 4 ප්‍රධාන වශයෙන් ගෙන ශ්‍රි ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව මගින් ශ්‍රි ලංකාවේ ආනයන සංයුතිය දක්වා ඇති අයුරු 2-4 සංඛ්‍යා සටහනින් දැක්වේ.


2.4 සංඛ්‍යා සටහන


ආනයන සංයුතිය (1998 -2002)


                                                          (එ.ජ ඩොලර් දශ ලක්ෂ )
කාණ්ඩය 
                                                          1998                   2002
 1. පාරිභෝගික භාණ්ඩ                     1,255                  1,319
   ආහාර හා පාන වර්ග                          723                    696
    සහල්                                                42                       18
    සීනි                                                  129                     132
    තිරිගු                                                127                     130
    වෙනත් පාරි භෝගික භාණ්ඩ                523                8,133


2. අන්තර් භාණ්ඩ                                2,982                 3,492
     ඛනිජ තෙල්                                       345                     789
     පොහොර                                            62                       76
     රසායනික ද්‍රව්‍ය                                  143                     155
     රෙදි පිළි හා ඇගළුම්                       1,397                  1,321
     වෙනත් අන්තර් භාණ්ඩ                  1,035                   1,151


3.ආයෝජන භාණ්ඩ                            1,477                 1,170
    යන්ත්‍ර සුත්‍ර හා උපකරණ                      786                     640
    ගමනා ගමන උපකරණ                        264                    151
    ගොඩනැගිලි ද්‍රව්‍ය                                 303                    272
    වෙනත් ආයෝජන භාණ්ඩ                   124                   108


4. වර්ග නොකල අපනයන                    176                    125
     මුළු ආනයන                                  5,890                6,105

(c) Shilpa Sayura Foundation 2006-2017