අපනයන සංයුතිය යනු, ඒ ඒ අපනයන ඉපයුම් භාණ්ඩ අපනයන ඉපයුම්වලට දරන දායකත්වයයි. අපනයන සංයුතිය. අපනයන ව්‍යුහය යනුවෙන්ද හැදින්වේ.
1948 දි ශ්‍රි ලංකාවේ අපනයන සංයුතිය
ප්‍රතිශතය
තේ,රබර්,පොල් 89.9%
වෙන්ත් 10.1%
නිදහස ලබන අවධියේදි පැවැති මෙම අපනයන ව්‍යුහය පසු කාලයේදි වෙනස් විය. ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා අනුව ශ්‍රි ලංකා අපනයන සංයුතිය පහත සදහන් ප්‍රධාන කාණ්ඩවලින් සමන්විත වේ.
- කෘෂිකාර්මික අපනයන
- කාර්මික අපනයන
- ඛනිජ අපනයන
- වර්ග නොකල අපනයන
කාල පරිච්ඡේද දෙකක මුළු අපනයන ඉපයුම් තුළ ඒ ඒ අංශ වල සාපේක්ෂ දායකත්වය සලකා බැලිම, රටක අපනයන සංයුතියේ උපනතින් පිළිබද විමසා බැලිමේ හොදම ක්රමයකි
ශ්‍රි ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව දක්වන පරිදි ශ්‍රි ලංකාවේ අපනයන සංයුතිය එක් එක් අංශවලට අදාල වටිනාකම් 2.2 යන සංඛ්‍යා සටහන් මගින් දැක්වේ.