විදේශ වෙළද අනුපාතිකය පහළ වැටිමකට අපනයන සහ ආනයන මිල දර්ශක වල වෙනස් විම් බලපා හැකි ආකාරය
- අපනයන මිල දර්ශකය අඩුවන වේගයට වඩා වැඩිවන වේගයකින් අපනයන මිල දර්ශකය අඩුවිම.
- ආනයන මිල දර්ශකය අඩුවන වේගයට වඩා වැඩි වේගයකින් අපනයන මිල දර්ශකය අඩු විම.
- අපනයන මිල දර්ශකය ස්ථාවරව පවතින විට ආනයන මිල දර්ශක ඉහළයාම.
- ආනයන මිල දර්ශක ස්ථවර පවතින විට අපනයන මිල දර්ශකය පහත වැටිම.
මෙම කරුණු විදේශ වෙළද අනුපාතිකයේ පිරිහිමක් කළ හැකි සාධක යනුවෙන්ද හැදින්විය හැකිබව සළකන්න.
රටක විදේශ වෙළද අනුපාතිකයේ පිරිහිමක ප්රධාන ආර්ථික ප්රතිවිපාක
- ආනයන ධාරිතාව අඩුවිම හා ආනයන මිල වැඩිවිම.
- අපනයන එකකයක ආනයන ක්රය ශක්තිය හීන විම නිසා මුර්ත ජාතික ආදායම අඩු විම.
- වෙළද ශේෂයේ ඇතිවන අයහපත් බලපැම.
- දේශිය වෙළද පොළේ භාණ්ඩ හිගය, මිල ගණන් ඉහළ යාම වැනි තත්ත්වයක් ඇති විය හැකිය.