විදේශිය වෙළද අනුපාතිකය යනු, අපනයන ඒකකයක ආනයන ක්‍රය ශක්තියයි. එසේ නැතහොත් අපනයන භාණ්ඩ, අානයන භාණ්ඩ සමග එකිනෙකට හුවමාරු විමේ අනුපාතිකයයි. අපනයන භාණ්ඩ ඒකකයකින, ආනයන භාණ්ඩ එකක කොතරම් ප්‍රමාණයක් ගත හැකිද යන්න විදේශ වෙළද අනුපාතිකය මගින් පෙන්නුම් කරයි.
විදේශ වෙළද අනුපාතිකය = අපනයන මිල දර්ශකය x 100
ආනයන මිල දර්ශකය
අපනයන මිල දර්ශකය
අපනයනය කරන සියලුම භාණ්ඩවල බර තැබු සාමාන්‍ය අගය, අපනයන මිල දර්ශකය යනුවෙන් හැදින්වේ. අපනයන මිල දර්ශකය මගින් අපනයන වල සාමාන්‍ය මිල වෙනස්වි ඇති අකාරය පරික්ෂ කළ හැකිය.
ආනයන මිල දර්ශකය
ආනයනය කරන සියලුම භාණ්ඩවල බර තැබු සාමාන්‍ය අගය, ආනයන මිල දර්ශකය යනුවෙන් හැදින් වේ ආනයනවල මිල වෙනස් වි ඇති ආකාරය ආනයන මිල දර්ශකය මගින් පරික්ෂා කළ හැකිය.