විවිධ විදේශ වෙළද අනුපාතික වර්ග
දේශීය වෙළද අනුපාතික වර්ග කිහිපයක්ම ඇත. ඉන් ප්‍රධාන ඒවා කෙටියෙන් පහත දැක්වේ.
- ශුද්ධ භාණ්ඩ හුවමාරු වෙළද අනුපාතිකය
අපනයන මිල දර්ශකය, ආනයන මිල දර්ශකයෙන් බෙදිමෙන් මෙම අනුපාතිකය ලැබේ. අප මෙහි විදේශිය අනුපාතිකය ලෙස සලකා බලන්නේ මෙම වෙළද අනුපාතිකය පිළිබදවය. මෙය භාණ්ඩ වෙළද අනුපාතිකයකි.
- දළ ජාතික හුවමාරු අනුපාතිකය
අපනයන වල මුළු වටිනාකම, ආයතනවල මුළු වටිනාකමෙන් බෙදිමෙන් මෙම අනුපාතිකය ගණනය කෙරේ. මෙයද භාණ්ඩ වෙළද අනුපාතිකයකි.
- කේවල සාධක වෙළද අනුපාතිකය
අපනයන රටේහි නිෂ්පාදන සාධක ඒකකයක් සදහා ආනයනය කළ හැකි භාණ්ඩ එකක ප්‍රමාණය මෙම අනුපාතිකය මගින් දැක්වේ. මෙය සාධක වෙළද අනුපාතිකයකි.
- ද්වි සාධක වෙළද අනුපාතිකය
අපනයන ඒකකයක් සදහා යෙදවුන සාධක ප්‍රමාණයෙන් බෙදිමෙන් මෙම අනුපාතිකය ගණනය කෙරේ. මෙයද සාධක වෙළද අනුපාතිකයක් ලෙස සැළකේ. ද්වි සාධක වෙළද අනුපාතිකය, සත්‍ය වෙළද අනුපාතිකය යනුවෙන් ද හැදින්වේ.
- මුර්ත පිරිවැය වෙළද අනුපාතිකය
අපනයන භාණ්ඩ වල මුර්ත පිරිවැය ඒකකයක් සදහා ලබා ගත හැකි ආනනයන භාණ්ඩ ප්‍රමාණය මෙයින් දැක්වේ.
- ආදායම් වෙළද අනුපාතිකය
මුළු අපනයන වටිනාකම (එනම් අපනයන මිල දර්ශකය අපනයන x පරිමා දර්ශකය) ආනයන මිල දර්ශකයෙන් බෙදිමෙන් මෙම අනුපාතිකය ගණනය කළ හැකිය.
සැ.යු
අප මෙහිදි වෙළද අනුපාතිකය යනුවෙන් සළකා බලන්නේ ඉහත (i) යටතේ, ශුද්ධ භාණ්ඩ හුවමාරුව නව වෙළද අනුපාතිකය යනුවෙන් දැක්වුණු භාණ්ඩ නෙළද අනුපාතිකය පිළිබදව බව අවධානයට ගන්න.