තීරුබදු රහිත වෙළදාම යටතේ කිසියම් දේශිය කර්මාන්තයකට එකතු කළ අගයට සාපේක්ෂව, තීරුබදු රහිත වෙළදාම යටතේ එම කර්මාන්තයේ එකතු කළ අගය කොතරම්ද යන්න සඵල ආරක්ෂණ අනුපාතිකය යන සංකල්පයෙන් අදහස් වෙයි.
සඵල ආරක්ෂණ අනුපාතිකය ගණනය කරන ආකාරය
තීරුබදු යටතේ අබාධ වෙළදාම
භාණ්ඩ ඒකකයක - යටතේ භාණ්ඩ ඒකකයක
සඵල ආරක්ෂණ = එකතු කළ අගය එකතු කළ යුතු අගය
අනුපාතය අබාධ වෙළදාම යටතේ එකතු කළ අගය
ඉහත සුත්‍රය සංඛ්‍යාත්මක නිදසුනක් මගින් තවදුරටත් සලකා බලමු
- යම් භාණ්ඩයක් අබාධ වෙළද ක්‍රමය යටතේ රු.20 /= බැගින් ආනයනය කරයි. එම භාණ්ඩය සදහා 30% ක තීරු බද්ධක් පනවනු ලැබුවහොත් භාණ්ඩයේ ආනයන මිල රු. 26/= කි. භාණ්ඩායේ යෙදවුම් ඒකකයේ මිල රු 16/= ක් වෙයි මෙම සඵල ආරක්ෂණ අනුපාතය ගණනය කරමු.
සඵල ආරක්ෂණ අනුපාතය = (26 – 16) – (20 – 16 ) x 100
20 -16
= 10 – 4 x 100
4
= 6 x 100
4
= 150%
මේ අනුව, 30% තීරු බද්දක් පැනවිම නිසා භාණ්ඩයකට 150% ක ආරක්ෂණයක් ලැබි ඇත. මෙහිදි යෙදවුම් වලට තීරු බද්දක් පැනවි නැත. යෙදවුම් වලටද තීරු බද්ධක් පැනවුයේ නම් සඵල ආරක්ෂණ අනුපාතය මීට වඩා වෙනස් අගයක් ගනු ඇත.