ආනයන තිරුබදු පැනවිමේ ක්‍රම
 

ආනයන තීරුබදු පැනවිම ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට සිදු වේ.

1)       වටිනාකම  මතවු තීරුබදු පැනවිම: මෙහිදි ආනයනය කරන භාණ්ඩ  වටිනාකමෙන් ස්ථිර ප්‍රතිශතයක්  ආනයන තිරුබද්ධ ලෙස අයකෙරේ. ආනයනය කරන මොටර් රථයක වටිනාකම  රු.600,000 නම් එම  වටිනාකමෙන් 20%ක් තීරු බද්ද වශයෙන් අය කිරිම නිදසුන් වශයෙන් දැක්විය හැකිය.


2)       නිශ්චිත තීරු බදු පැනවිම, ආනයනය කරන භාණ්ඩ ඒකකයක් සදහා යම් නිශ්චිත මුදලක් තීරු බද්ධ  වශයෙන්පැනවිම මෙම ක්‍රමයේදි සිදු වේ.ආනයනය කරනු ලබන රු.10,000 තීරු බද්දක් පැනවිම නිදසුන් ලෙස දැක්විය හැකිය.


3)       මිශ්‍රිත තීරු බදු පැනවිම: ඉහත දැක්වු වටිනාකම මතවු තීරුබදු  සහ නිශ්චිත තීරු බදු යන ක්‍රම දෙකම ඒකාබද්ධ කොට තීරු බද්දක් පැනවිම මෙම ක්‍රමයේදි සිදු වේ. .
(සැ.යු. ශ්‍රි ලංකාව ඉහත ක්‍රම තුනම අනුගමනය කර තිබේ.)

(c) Shilpa Sayura Foundation 2006-2017