රටක් තමන්ට සාපේක්ෂ වශයෙන් අඩු පිරිවැයකට නිපදවිය හැකි භාණ්ඩ පිළිබද විශේෂිකරණය කොට නිපදවිමෙන්, ඒවා අපනයනය කළයුතු බවත්, නිපදවිම සදහා සාපේකෂ වශයෙන් වැඩි පිරිවැයක් යන භාණ්ඩ ආනයනය කළ යුතු බවත් සාපේක්ෂ වාසි න්‍යාය මගින් කියවේ. මෙහිදි භාණ්ඩ නිෂ්පාදන පිරිවැය අනුව සලකා බැලේ.
සාපේක්ෂ වාසි න්‍යායට අනුව නිරපේක්ෂ වාසියක් පැවැතිම අනිවාර්ය නොවන බව
නිරපේක්ෂ වාසි න්‍යායට අනුව රටවල් දෙකටම වාසි දායක වෙළදාමක ඇති විමට නම් යම් භාණ්ඩයක් නිපදවිම පිළිබද නිරපේක්ෂ වාසියක් රටවල් දෙකටම තිබිය යුතුය.
එහෙත් සාපේක්ෂ වාසි න්‍යාය යටතේ රටවල් දෙකටම වාසි දායක වෙළදාමක් බිහිවිම සදහා එසේ නිරපේක්ෂ වාසි පැවැතිම අනිවාර්ය නොවේ. යම් රටකටම භාණ්ඩ දෙවර්ගයම සදහා නිරපේක්ෂ අවාසි තත්ත්වයක් පැවැතියද රටවල් දෙක අතර වාසි දායක ලෙසට වෙළදාම සිදු විය හැකිය.
සාපේක්ෂ වාසි න්‍යාය යටතේ සැළකිල්ලට ගනු ලබන්නේ අවස්ථික පිරිවැය අනුව ගණනය කරන ලද වැඩිම කාර්යක්ෂමතාව සහ අඩුම කාර්යක්ෂමතාව යන සංකල්පයන්ය. ඒ අනුව යම් රටකට අන් රටවලට සාපේක්ෂ වැඩි කාර්යක්ෂමතාව හිමි භාණ්ඩ නිපදවිමේ සාපෙක්ෂ වාසි පවති. එමෙන්ම යම් රටකට අන් රටවලට සාපේක්ෂව අඩුම අකාර්යක්‍ෂමතාව හිමි සාපේක්ෂ වාසි පවති.
සාපේක්ෂ වාසි න්‍යාය සංඛ්‍යාත්මක නිදසුන් මගින්
භාණ්ඩය ඇමරිකාව ජපානය
පරිගණක යන්ත්‍ර 60 40
මොටර් රථ 24 20
මේ අනුව පරිගණක යන්ත්‍ර නිපදවිමේ සාපේක්ෂ වාසිය ඇති රට සහ මොටර් රථ නිපදවිමේ සාපේක්ෂ වාසිය ඇති රට ගණනය කිරිම මගින් නිගමනය කර රටවල් දෙකම වාසිදායක වෙළදාමක් ඇති විමට නම් ලෝක වෙලදාම කෙසේ සකස් විය යුතු දැයි යන්න සලකා බලමු