නිරපේක්ෂ වාසි න්‍යාය
 

සමාන යෙදවුම් ප්‍රමාණයකින්එක් රටකට අනික් ර‍ටකට වඩා කාර්යක්ෂම ලෙස භාණ්ඩ නිපද විමේ හැකියාව පෙන්නුම් කිරිම නිරපේක්ෂ වාසි න්‍යාය මගින් සිදු වේ.


නිරපේක්ෂ වාසි න්‍යායට අනුව කිසියම් රටකට අනික් රටට වඩා යම් භාණ්ඩයක් කාර්යක්ෂමව නිපදවිය හැකිනම්, එම භාණ්ඩ නිපදවිම සදහා එම රටට නිරපේක්ෂ වාසියක් පවතින අතර දෙවන රටට එම භාණ්ඩ නිපදවිම සදහා නිරපේක්ෂ අවාසියක් පවති.


ඒ අනුව යම් රටක් විසින්නිරපේක්ෂ වාසියක් පවතින භාණ්ඩයක් නිපදවා අපනයනය කළ යුතු අතර, එම භාණ්ඩ නිපදවිම පිළිබද නිරපේක්ෂ අවාසියක් පවතින රට විසින්, එය ආනයනය කළ යුතුය.


මේ ආකාරයට අන්තරජාතික වෙළදාම මගින් ලෝක නිමවුම්, ලෝක ජනතාව විසින් බෙදා ගත හැකිබව නිරපෙක්ෂ වාසි න්‍යායෙන් දැක්වේ.

නිරපේක්ෂ වාසි න්‍යාය සංඛ්‍යාත්මක නිදසුන් මගින් :-










 


  ශ්‍රි ලංකාව


    චීනය


තේ    (මෙ. ටොන්)
සහල් (මෙ.ටොන්)


     300
     200


     100
     500


ඉහත නිදසුන අනුව චීනයේ ‍ෙත් නිෂ්පාදනය මෙ.ටෙ‍ාන් 100 කි. ශ්‍රි ලංකාවේ මෙ.ටොන් 300 කි. මේ අනුව තේ නිපදවිමේ නිරපේක්ෂ වාසිය ශ්‍රි ලංකාවටත්, නිරපෙක්ෂ අවාසිය චිනයටත් පවති.


එමෙන් ශ්‍රි ලංකාවේ සහල් නිෂ්පාදනය මෙ.ටොන් 200 කි චීනයේ මෙ.ටොන් 500 කි. මේ අනුව නිපදවිමේ නිරපේක්ෂ වාසිය චීනයටත් නිරපේක්ෂ අවාසිය ශ්‍රි ලංකාවටත් පවති.


මේ අනුව ශ්‍රි ලංකාව විසින් චීනයට තේ අපනයනය කළයුතු අතර, චීනයෙන් සහල් අපනයනය කළ යුතුය.


නිරපේක්ෂ වාසි න්‍යාය වලංගු විම සදහා පිළිගැනිමට සිදුවන උපකල්පන



  • ලෝකයේ පවතින්නේ රටවල් දෙකක් පමණක් බවත් එම රටවල් විසින් නිපදවන්නේ භාණ්ඩ වර්ග දෙකක් පමණක් බවත්
  • අවශ්‍යනම් භාණ්ඩ දෙවර්ගයම නිපදවිමට එම රටවලට හැකි බව
  • නිෂ්පාදනය ස්ථාවර පරිමාණුකුල ඵල ලබන බව
  • සැම රටකම ස්ථාවර සම්පත් ප්‍රමාණයක් පමණක් හිමිව තිබෙන බව සහ ඒවා මුලුමනින්ම නිෂ්පාදන කාර්යයන්හි උපයෝජනය කර ඇති බව
  • එම සම්පත් භාණ්ඩ දෙකම නිපදවිම සදහා භාවිතා කළ හැකි බව

(c) Shilpa Sayura Foundation 2006-2017