අන්තර් ජාතික වෙළදාම හා අන්තරාල වෙළදාම
 

අන්තර් ජාතික වෙළදාම හා අන්තරාල වෙළදාම (දේශිය වෙළදාම අතර වෙනස)


1. නිෂ්පාදන සාධක වල සංචලනය


නිෂ්පාදන සාධක එකම රටක් තුළ සංචලනය වන තරම් නිදහස් ලෙස රටවල් අතර සංචලනය නොවේ.


2. විවිධ විවහර මුදල් වර්ග පැවැතිම


ඒ ඒ ර‍ටවල් වල‍ටම විශේෂ වු ව්‍යවහ‍ාර මුදල් වර්ගක් බැගින් ඇත. නිදසුන් ශ්‍රි ලංකාවේ රුපියල්, ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර්, ජපානයේ යෙන්.


3. වෙළදාම කෙරෙහි පවතින වෙළද සිමාවන්


නිදසුන් වශයෙන් තිරු බදු අය කිරිම්, විනිමය සිමාවන් හා සලාක ක්‍රම යනාදියදැක්විය හැකිය.


4.රටවල් පිළිබද පවත්නා නොදැනුවත් කම


භෂාව, ආගම, සංස්කෘතිය යනාදි සාධක අතින් දේශිය වෙළදාමට තරම් නිදහසක් අන්තර් ජාතික වෙළදාමට නොමැත.


5. ප්‍රවාහන හා රක්ෂණ පිරිවැය


ප්‍රවහාන සහ රක්ෂණ පිරිවැය මගින් අන්තර් ජාතික වෙළදාම කෙරෙහි බලවත් සිමා පැන වෙයි. ඒවා දේශීය වෙළදාමට වඩා ඉතා ඉහළ අගයක් පවති.

අන්තර් ජාතික වෙළදාම ඇතිවිමට බලපාන හේතුන්



  • රටවල අතිරික්ත නිශ්පාදන විකුණා ගැනිම
  • දේශිය වශයෙන් නිපදවිමට අධික පිරිවැයක් වැය වන භාණ්ඩ හා සේවා ආනයනය කිරිම
  • දේශිය වශයෙන් කිසිත් නිපදවිය නොහැකි භ‍ාණ්ඩ හා සේවා ආනයනය කිරිම
  • හුවමාරුව හා විශේෂිකරණයෙන් ලද හැකි වාසි ලබා ගැනිම
  • රටවල් අතර ආර්ථික, සමාජිය, සහයෝගිතාව හ‍ා බැදිම් වර්ධනය කර ගැනිම

(c) Shilpa Sayura Foundation 2006-2017