වැටුප් වැඩිවිමක් සැමවිටම උද්ධමනකාරි වේද
 


  • වැටුප් වැඩිවිමක් සැමවිටම උද්ධමනකාරි වේද?

වැටුප් වැඩිවිමක් සැම විටම උද්ධමනකාරි බලපැම් ඇති කරන්නේ, වැටුප් වැඩි විම මගින් නිෂ්පාදන පිරිවැය වැඩි වි භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම සිදු වේ නම්යඑහෙත් ශ්‍රමයේ ඵලදායිතාව ඉහළ යැමද සිදු වේ නම්, නිෂ්පාදන පිරිවැය ඉහළ යැම එ අනුව සිමා වනු ඇත. මන්ද නිෂ්පාදනද වැඩිවන බැවිනි. එබැවින් වැටුප් වැඩිවිමක් සැම විටම උද්ධමනකාරි වේ යැයි නිගමනය කළ නොහැකි අතර ප්‍රධාන වශයෙන් ශ්‍රමයේ ඵලදායිතාවය අනුව එම තත්ත්වය තිරණය වන බව දැක්විය හැකිය.


උද්ධමනයක්,විනිමය අනුපාතිකය කෙරෙහි බල පාන්නේ කෙසේද ?


දේශිය ආර්ථිකයේ උද්ධමනයට වඩා විදේශිය රටවල උද්ධමනය වැඩිවේ නම් , පවතින නාමික විනිමය අනුපාතිකය ය‍ට‍ෙත් විදේශ වලින් මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය (එනම් ආනයන ප්‍රමාණය) වැඩිවනු ඇත. මෙහිදි නාමික සඵල විනිමය අනුපාතිකය පහළ ගියත් මුර්ත සඵල විනිමය අනුපාතිකය ඉහළ යයි. මෙය විනිමය අනුපාතිකය අධි තක්සේරු විමකට සමානය.


මහ බැංකුව වවෘත වෙළද පොළෙහි සුරකුම්පත් මිලදි ගැනිම රටේ උද්ධමනාත්මක බලපැම් ඇති විමට හේතුවන ආකාරය


මහ බැංකුව වවෘත වෙළද පොළෙහි සුරකුම්පත් මිලදි ගැනිම රටේ මුදල් සැපයුම ප්‍රසාරණය විමට හේතුවකි. මහ බැංකුව මිල‍ට ගන්නා සුරකුම් පත්වලට ගෙවිමේදි වාණිජ බැංකුවල සංච්ත ප්‍රමාණයට වැඩි වි මුදල් සැපයුම ඉහළ යයි. මෙසේ මුදල් සැපයුම ඉහළ යැම හේතුවෙන් මහජනයා අත ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි වේ. ඒ අනුව ඹවුන්ගේ ක්‍රය ශක්තිය වැඩි වනු ඇත. මෙසේවැඩිවන ක්‍රය ශක්තියට සමාන අනදමින් රටේ නිෂ්පාදන වැඩි නොවුන හොත් මුර්ත ආදායම අඩු වි රටේ උද්ධමනාත්මකව බලපැම් ඇති විමට පුළුවන.


මුර්ත වැටුප් යනු කුමක්ද?


මුර්ත වැටුප් යනු මුදල් වැටුපේ ක්‍රය ශක්තියයි. තවත් අයුරකින් කිව හොත් මුර්ත වැටුප් යනු මුදල් වැටුපෙන් මිලදි ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි.


මුර්ත වැටුප් දර්ශකය ගණනය කරන්නේ කෙසේද?



  • මුදල් වැටුප් පරිභෝගික මිල දර්ශකයෙන් අවධමනය කිරිමෙන් මුර්ත වැටුප් දර්ශකය ගණනය කරනු ලැබේ. එනම්

මුර්ත වැටුප් = මුල්‍ය වැටුප  පාරි‍භෝගික මිල දර්ශකය


මුර්ත වැටුපෙහි වැදගත් කම කුමක්ද?




    • මුල්‍ය හා මුර්ත වැටුප් අතර වෙනස්නම් සළකා බැලිමෙන් උද්ධමනයේ බලපැම් දැක්විය හැකිය.
    • මුර්ත වැටුප් මගින් ජිවන තත්ත්වය මැන ගැනිම‍ට හැකි විම
    • මුර්ත වැටුප් මගින් ගණනය කළ හැකි ක්‍රය ශක්තිය, හාම්පුතුන් සමග කේවල් කිරිමේ අයුධයක් වශයෙන් යොදා ගත හැකි විම

මුර්ත වැටුප් වැඩිවිමක් උද්ධමනාත්මක ප්‍රතිවිපාක ඇති කරයිද?


මුර්ත වැටුප් වැඩි විමට සමාන අන්දමින් ශ්‍රම ඵලදායිත්වයේද වැඩි විමක් සිදු වේ නම්, එම මුර්ත වැටුප් වැඩිවිම මගින් උද්ධමනයක ප්‍රතිවිපාක ඇති නෙ‍ාවේ. එහෙත් මුර්ත වැටුප් පමණක් වැඩි වි ශ්‍රම ඵලදායිතාව වැඩි නොවුන ‍හොත් උද්ධමනත්මක ප්‍රති විපාක ඇති විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017