විචල්‍ය ආදයම් හෙවත් නම්‍ය ආදායම් ලබන කණ්ඩායම් උද්ධමනයේදි ප්‍රතිලාභ ලබනු ඇත. ප්‍රසාරණය වන ආදායම් වල නියුක්ත වුවන් , වෙළදුන්,බලවත් වෘත්තිය සමිති වලින් යෝජනා වන සේවකයින් මෙවැනි පුද්ගල කණ්ඩායම් වලට නිදසුන්ය. මෙවැනි පුද්ගලයන්ගේ නාමික ආදායම් වැඩිවිමට සාපේක්ෂ මුර්ත ආදායම්ද ඉහල නැංවෙනු ඇත.
උද්ධමනයෙන් වැඩිම වාසි ලබන තවත් ප්‍රධාන කොටසක් නම් ණය කරුවන්ය. (නය ගැතියන්ය) ඊට ප්‍රධාන හේතුව මෙම උද්ධමන තත්ත්වය මත ඔවුන් කිසියම් ක්‍රය ශක්තියකින් යුත් රුපියල් වලින් ණය ලබා ගැනිම සිදු කළත්, එම ණය ආපසු ගෙවිමට සිදු වනුයේ ඊට වඩා අඩු ක්‍රය ශක්තියකින් යුතු රුපියල් වලින් විමය .
උද්ධමනකාරි තත්ත්වය හේතු වෙන් අයවැය හිගය වැඩි විය හැකි බව
රාජ්‍ය බැංකු අංශයේ ණය ලබා ගෙන අය වැය හිගය පියවිමේදි මගින් රටේ මුදල් ඉල්ලුම ඉක්මවා මුදල් සැපයුම ප්‍රසාරණය විම මගින් උද්ධමන කාරි තත්ත්වය ඇති විය හැකිය.
එමෙන්ම උද්ධමන කාරි තත්ත්වය පවතින විට රාජ්‍ය වියදම වැඩි කිරිමට රජයට සිදුවනු ඇත. එහෙත් රාජ්‍ය ආදායම් එතරම් වේගකින් වැඩි වන්නේ නැත. මෙහි ප්‍රතිඵය වන්නේ අය වැය හිගය තවත් ඉහළ යාමයි.
අය වැය හිගය උද්ධමනයේ මුලික වනබවත්, උද්ධමනය මගින් අය වැය හිගය තවතවත් ඉහළ දැමිය හැකි බවත් මෙයින් පැහැදිලිවේ.
මුදල් සැපයුමේ වැඩි විමක් සැම විටම උද්ධමන කාරි වෙද?
- මුදලේ සැපයුම වැඩි විමක් සැම විටම උද්ධමනකාරි විමට නම් පහත සදහන් කොන්දේසි ඉටු විම අවශ්‍ය වේ
- මුදල් සැපයුමේ වැඩි විම නිසා භාණ්ඩ හා සේවා සදහා දරනු ලබන වියදම වැඩි විය යුතුය.
- වියදම වැඩිවිම හේතු කොටගෙන භාණ්ඩ හා සේවා සදහා ඇති ඉල්ලුම එ සදහා ඇති සැපයුම වඩා වැඩි විය යුතුය.
- එහෙත් මෙම කොන්දේසි දෙක ඒ ආකාරයටම ඉටු නොවේ. එබැවින් මුදල් සැපයුමේ වැඩිවිමක් සැමවිටම උද්ධමනකාරි නොවන බව සදහන් කළ හැකිය.