උද්ධමන තත්තවය යටතේ සාපේක්ෂ වශයෙන් වඩාත් පිඩාවට පත් වන ප්‍රධාන කණ්ඩායම් 3 කි.
- ස්ථාවර ආදායමක් ලබන්නන්
- ඉතිරි කරන්නන්
- ණය දෙන්නන්
ස්ථාවර ආදයම් ලබන්නන්:-
රාජ්‍ය සේවකයන්, විශ්‍රමිකයන්, කාර්යාල සේවකයන්, යනාදි ස්ථිර වැටුප් ලබන්නන් මිට අයත්ය. මෙම කණ්ඩායම් වල නාමික ආදායම් (එනම් මුදල් ආදායම්) ඉහළ ගියත් මුර්ත ආදායම ඉහළ යැමක් නැත.
ඉතිරි කරන්නන්:-
ඉතිරි කිරිමේ ගිනුම්, රක්ෂණ ඔප්පු, වාර්ෂිකයන් යනාදි ඉතුරුම් සදහා නිදසුන් ලෙස දැක්විය හැකිය. මිල මට්ටම ඉහළ යත්ම මෙවැනි ඉතුරුම් වල මුර්ත අගය (ක්‍රය ශක්තිය) පහළ වැටේ .
ණය දෙන්නන් (ණය හිමියන්)
මිල මට්ටම ඉහළ නැගිමත් මුදලේ අගය පිරිහිමත් උද්ධමනයේදි සිදු වේ. ඒ අනුව උද්ධමන තත්ත්වය යටතේ ණය දෙන්නන් විසින් දෙනු ලබන මුදල් වල අගය (ක්‍රය ශක්තිය ) ශිඝ්‍රයෙන් අඩු වේ. මෙම අවාසියෙන් මිදිමට නම් ණය දෙන්නන් විසින් ගත යුතු පියවර වන්නේ ණය පොළි අනුපාතිකය ඉහළ දැමිමයි.