උද්ධමනය පාලනය කිරිම සදහා රජයකට අනුගමනය කළ හැකි විවිධ ක්‍රියා මාර්ග , උද්ධමන පාලන ප්‍රතිපත්ති යටතේ සලකා බැලේ. උද්ධමනය පාලනය කළ හැකි ප්‍රධාන ප්‍රතිපත්ති 3 දැක්විය හැකිය.
- සෘජු ප්‍රතිපත්ති
- මුල්‍ය ප්‍රතිපත්ති
- අයවැය ප්‍රතිපත්ති
- සෘජු ප්‍රතිපත්ති
මිල පාලනය, භාණ්ඩ සලාක ක්‍රමයට බෙදා හැරිම, භාණ්ඩ රජය යටතට ගෙන ෙබදා හැරිම යනාදි ක්‍රියා මාර්ග
- මුල්‍ය ප්‍රතිපත්ති
මහ බැංකුව විසින් ණය පාලන උපක්‍රම ක්‍රියාත්මක කිරිම ,අනිවාර්ය ඉතිරි කිරිම් ඇති කිරිම් යනාදි ක්‍රියා මාර්ග
- අයවැය ප්‍රතිපත්ති
බදු සංස්කරණ ඇති කිරිම, රජයේ වියදම් කපා හැරිම,වැටුප් ඉහළ දැමිම යනාදි ක්‍රියා මාර්ග
උද්ධමනය මගින් ආර්ථිකයේ විවිධ අංශ කෙරෙහි ඇති කරන බලපැම්
- මන්දගමි උද්ධමනය මගින් ආර්ථිකයේ වර්ධනය වේගවත් විය හැකි බව
මන්දගමි උද්ධමනය යටතේ නිෂ්පාදිතයේ මිල ගණන්, නිෂ්පාදිතයේ මිල ගණන් වැඩිවිමට වඩා වැඩි මට්ටමකින් පවත්වාගෙන යා හැකිය. ඒ අනුව නිෂ්පාදකයන්ගේ ආදයම හා ලාභ ඉහළ යන අතර එමගින් ආර්ථිකයේ ඉතිරිකිරම් ඉහළ යා හැකිය. ඉතරුම් ඉහළයන විට ආයොජනද වැඩිවේ. ආයෝජන වැඩිවිම ආර්ථිකයේ වර්ධනය විමට හේතුවන සාධකයකි.
උද්දමනය මගින් රටේ ආර්ථිකය අෛධර් කළ හැකි බව
උද්ධමනය යටතේ මුදලේ අගය පිරිහේ. මුදලේ අගය පිරිහිම හේතු කොටගෙන රටේ ඉතුරුම් අඩුවේ. ඉතුරුම් අඩුවන විට රටේ ආයෝජන අඩුවන අතර, අයෝජනය අඩුවිම රටේ ආර්ථික වර්ධන අධෛර්ය කරන ප්‍රධාන සාධකයක් ලෙස සැළකේ.
උද්ධමනය මගින් රටේ ගෙවුම් ශේෂය පිරිහිමට පත් කළ හැකි බව
උද්ධමනය තත්ත්වය යටතේ දේශිය මුදලේ අගය පිරිහිම නිසා දේශිය මිලගණන් ඉහළ යනු ඇත. මේ අනුව ෙද්ශිය නිෂ්පාදනයන්ට සාපේක්ෂව ආනයන භාණ්ඩ වල මිල ගණන් පහළ මට්ටමක පැවැතිය හැකිය. එසේ වුවහෝත් ආනයන සදහා ඉල්ලුම වැඩි වි ආනයන වියදම වැඩි වනු ඇත.
එමෙන්ම දේශිය මිල ගණන් ඉහළ නිසා දේශිය නිෂ්පාදන වියදම ද ඉහළය. මේ තත්ත්වය මත අපනයන මිල ගණන්ද ඉහළ යනු ඇත. අපනයන මිල ගණන් ඉහළ ගිය විට දේශිය වෙළද පොළේ ඇති දැඩි තරග කාරිත්වය හමුවේ අපනයනය සදහා ඇති ඉල්ලුම අඩු වෙනු ඇත. මේ අනුව මුලු අපනයන ඉපයුම් ශිඝ්ර ලෙස අඩු විය හැකිය.
මෙසේ ආනයන වියදම ඉහළ යාමත් අපනයන ආදයම පහළ යාමත් යන සාධක වල අවසාන ප්‍රතිඵලය ගෙවුම් ශේෂ හිගය වැඩිවිමට හේතු වෙයි.