මිල මට්‍ටමේ ප්‍රතිශතමය වෙනස
 

තෝරා ගන්නා ලද මිල දර්ශකයක යම් වර්ෂයකට අදාල අගය, එම දර්ශකයේ පදනම් වර්ෂයේ අගය සමග ගැලපිමෙන් ,මිල මට්ටමේ ප්‍රතිශතමය වෙනස ගණනය කළ හැකිය.


නිදසුන්:‍-


මහ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය

පදනම් වර්ෂය 1989 ජනවාරි සිට ජුනි = 100
එම මිල දර්ශකයේ 2002 දි අගය = 309.3
මේ අනුව මිල මට්ටමේ ප්‍රතිශත මය වෙනස =309.3-100 =209.3



  • ඉහත අගයන්ගෙන් අදහස් වන්නේ සමාන්‍ය මිල මට්ටම 1989 ජනවාරි සි‍ට ජුනි දක්වා වු කාල පරිච්ඡේදයට වඩා 2002 දි 209.3% කින් ඉහළ ගොස් ඇති බවයි. එසේ නැතහොත් 1989 ජනවාරි සි‍ට ජුනි දක්වා කාලපරිච්ඡේදය තුළ දි රු 100% කට මිලට ගත හැකිව තිබු භාණ්ඩ පැසක් (බඩු මල්ලක් ) 2002 මිලට ගැනිම සදහා 309.3 ක් අවශ්‍ය වන බවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017