මිල ගණන් ඉහළ නැංවිමෙහිලා ඉල්ලුම් යැතුම් උද්දමනය,පිරිවැය යැතුම් උද්දමනය යන බලවේග දෙකම හේතුවන බව
මිල ගණන් ඉහළ නැංවිමෙහිලා ඉල්ලුම් යැතුම් උද්දමනය සහ පිරිවැය යැතුම් උද්දමනය යන බල වේග දෙකෙහි ක්‍රියා කාරිත්වය එකිනෙකින් වෙනස් කොට හදුනා ගැනිම දුෂ්කරය.
සාමාන්‍ය උද්දමනය ඇරඹුනු පසුව මෙම බලවේග දෙකම ක්‍රියාකාරි වෙයි. මේ පිළිබද විමසා බලමු.
ඉල්ලුම වැඩිවන විට නිෂ්පාදන වැඩිවෙයි. කාලයක් යන විට අමුද්‍රව්‍ය හිග වි සේවක වැටුප් වැඩි වි නිෂ්පාදන පිරිවැය ඉහළ යයි. ඒ අනුව මිල ගණන් ඉහළ යයි. මෙහිදි උද්ධමනකාරි තත්ත්වයට රුකුල් ලැබුෙණ් ඉල්ලුම් අංශයෙන් වන අතර පිරිවැය යැතුම් බල වේගය මගින් එය තවදුරටත් ඉහළ නැංවිම සිදු විය.
අනෙක් අතට මිල උද්දමනය නිෂ්පාදන පිරිවැය පැත්තෙන් ද පැමිණිය හැකිය.නිදසුන් වශයෙන් වෘත්තිය සංගම් මගින් වැටුප් වැඩිකිරිම් ලබා ගැනිම මුල් කොටගෙන නිෂ්පාදන පිරිවැය ඉහළ යන තත්ත්වයක් සළකා බලමු. මෙහිදි අනාගතයේදි මිල ගණන් තව තවතවත් ඉහළ යාවි යන අදහසින් පාරිභෝගිකයන් පවතින ඉල්ලුම වැඩිකරයි. මෙසේ පවතින ඉල්ලුම වැඩිකිරිම හේතුවෙන් මිල ගණන් ඉහළ යනු ඇත.
මෙහිදි සිදුවුයේ පිරිවැය යැතුම් බලවේග මගින් බිහිකළ උද්දමන කාරි තත්ත්වය ඉල්ලුම් යැතුම් බලවේග මගින් තවදුරටත් බලවත් කිරිමයි.
මේ අයුරින් බලන කල ඉල්ලුම් යැතුම් සහ පිරිවැය යැතුම් යන බලවෙග දෙකම මිල ගණන් නැංවිමෙහිලා හේතු වන බව පෙනි යයි.