දිගු කාලීන උද්ධමනය
 

උද්ධමනයේ ප්‍රතිඵල හීනකර තත්ත්වයකට පත් කරලීම සදහා දර්ශකකරණය නමැති උපක්‍රමයක් පවති.දර්ශකකරණය ලෙස මෙහිදි අදහස් කෙරෙන්නේ. වැටුප් අනුපාත, ඉතුරුම් ගිණුම් පොළි අනුපාත, බදු, බැදුම්කර වටිනාකම් සහ වෙනත් සියලුම ගිවිසුම්, මිල මට්ටමේ වෙනස්කම් අනුව ස්වයංක්‍රිය ලෙස ගළපාලන ක්‍රියා පටිපාටියකි. මෙවැනි දර්ශකකරණ ක්‍රියා මාර්ග මගින් උද්ධමනය මුලිනුපුටා දැමිමක් සිදු නොවේ. උද්ධමනය ආර්ථික වටපිටාවේ අංගයක් බවට පත්වේ. මේ අනුව නිරන්තර උද්ධමනයක් දිගුකාලීන ලෙස ආර්ථිකයට දැරීමට සිදුවේ. මෙය 20% මට්ටම ඉක්මවන තර‍ෙම් උද්ධමන වේගයකින් පවතිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017