පොදු මිල මට්ටම නොකඩවා ඉහළ ගියද, වාර්ෂිකව මිල ඉහළ යාමේ අනුපාතය එතරම් දැඩි නොවන උද්ධමන තත්ත්වයක් මධ්‍යස්ත උද්ධමනය ලෙස හැදින්වේ. සාමාන්‍ය උද්ධමනය සෙමින් ඇතිවන උද්ධමනය යනාදි විකල්ප යෙදුම්වලින් ද මධ්‍යස්ත උද්ධමනය හැදින්වේ.
මධයස්ත උද්ධමනය මගින් බරපතළ ආර්ථික ගැටලු මතු නොවේ. ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස් අනුව මිල ඉහළ යාමේ අනුපාතය ඉතා ඉහළ මට්ටමකින් යුත් උද්ධමනයකි. ජවන උද්ධමනය කෙටි කාලීන වශයෙන්ද පැවතිය හැකිය. ජවන උද්ධමනය යටතේ ඉහල මිල යාමේ අනුපාතය, ද්විත්ව හෝ ත්‍රිත්ව සංඛ්‍යා වශයෙන් පැවතිය හැකිය. ජවන උද්ධමනය මගින් ඉතා දැඩි ආර්ථික විකෘතිතා ඇති කරයි. ඒ අනුව පුද්ගලයන් විසින් මුදල් වෙනුවට භාණ්ඩ හා දේපළ රුස් කිරිමට දැඩි උනන්දුවක් දක්වයි.අවම පොලී අනුපාතිකය යටතේ ණය දීම පාඩුදායක වනු ඇත. කෙසේ වෙතත් නිෂ්පාදකයා, පාරිභෝගිකයා, රජය, යන කොටස් තුනම ජවන උද්ධමනය යටතේ දැඩි ආර්ථික ගැටලුවලට පත්වනු ඇත.