මිල මට්ටමේ වෙනස් විම් මැනිම අවශ්‍ය වන්නේ ඇයි
 


  • රටේ උද්ධමනකාරි අවධමනකාරි තත්ත්වය මැනිමට
  • ජිවන වියදම මැනිමට
  • වැටුප් මට්ටම තිරණය කිරිම

දර්ශක අංකයක් පිළියෙළ කරගන්නා ආකාරය


දර්ශක අංකයක් පිළියෙළ කර ගැනිමේ ප්‍රධාන අවස්ථා පහත දැක්වේ



  • සුදුසු පාද වර්ෂයක් තෝරා ගැනිම

වර්තමාන මිල ගණන් සැසදිම සදහා පාද වර්ෂයක් තෝරා ගත යුතුය. මෙම පාද වර්ෂය යුද්ධ‍ හෝ දුර්භික්ෂ ඇති නොවු වර්ෂයක් විය යුතු අතර, අතිශයින් සමෘද්ධිමත් ආර්ථික තත්ත්වයකින් යුත් වර්ෂයක්ද නොවිය යුතුය. එය සාමාන්‍ය ආර්ථික තත්ත්වයෙන් යුතු වර්ෂයක් විය යුතුය.



  • භාණ්ඩ හා සේවාවල පැස හදුනා ගැනිම

දර්ශක අංකයට ඇතුළත් කළ යුතු භාණ්ඩ මොනවද, යන්න තිරණය කිරිම මෙයින් අදහස් වේ. දර්ශක අංක පිළියෙළ කර්යය පිළිබද සළකා බලා ඊට ඇතුළත් කළ යුතු භාණ්ඩ හා සේවා තිරණය කර ගැනිම කළ යුතුය.



  • භාණ්ඩවලත, සේවාවලත් සාපේක්ෂ වැදගත් කම සළකා බලා ඒවාට බර තැබිම

භාණ්ඩ පැසට අයත් එක් එක් භාණ්ඩයේ වැදගත්කම සළකා බලා ඊට ඇතුළත් කළ යුතු භාණ්ඩ සදහා සුදුසු බර ගැලපිම මෙයින් අදහස් වේ.



  • වියදම් සාපේක්ෂයන් ගණනය කිරිම

භාණ්ඩවල මිල ගණන් නිශ්චය කර දැක්විම මෙහිදි සිදු වේ.



  • වර්තමාන මිල ගණන් පාද වර්ෂයේ මිල ගණන් වල ප්‍රතිශතය ලෙස දැක්විම

පසු වර්ෂවල මිල ගණන් යොදා, භාණ්ඩ තොගයේ වටිනාකම් බලා එම වටිනාකම් පාද වර්ෂයේ වටිනාකමෙහි ප්‍රතිශතයක් ලෙස දැක්විම මෙහිදි සිදුවේ.


ආර්ථික තිරණ ගැනිම සහ සැළසුම් සකස් කිරිම සම්බන්ධයෙන් මිල දර්ශකවල ප්‍රයෝජන





      • වැටුප් හා සම්බන්ධ ගිවිසුම් වලදි ජිවන වියදම් දිමනා ගණනය කිරිම
      • දේපළ හා කුළි ආදි ඉදිරි ගිවිසුම්ගත ගෙවිම්, මිල වෙනස්විම් වලට අනුව ගැලපිම




      • ජාත්‍යන්තර තරගකාරිත්වය මැනීම සදහා මුර්ත සඵල විනිමය අනපාත ගණනයකිරිම




      • මුර්ත දළ දේශිය නිෂ්මාදිතය වැනි ආර්ථික දර්ශක ගණනය කිරිමට මිලඅවධමනයක් ලෙස භාවිතා කිරිම




      • සැලසුම්කරැවන්ට අනාගත මුල්‍ය අවශ්‍යතාවන් ගණනය කිරි‍ෙම්දි මිල අවධමනයක් ලෙස උපකාර කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017