ස්ථාවර දළ ජාතික නිෂ්පාදිතය සදහා වන නාමික දළ ජාතික නිෂ්පාදිත අනුපාත වශයෙන් දළ ජාතික නිෂ්පාදිතයේ අවධමනකය ගණනය කරනු ලැබේ.
දළ ජාතික නිෂ්පාදිතයේ අවධමනකය පිළියෙළ කරන්නේ දළ ජාතික නිෂ්පාදනයට අඩංගු භාණ්ඩ හා සේවා, අදාළ වර්ෂයේ මිල ගණන් අනුව තක්සේරු කර, ඉන් පසුව ඒවාගේ ස්ථාවර මිල ගණන් අනුව තක්සේරුකර, ඉන්පසු ඒවා ස්ථාවර මිල අනුවද තක්සේරු කිරිමෙන්ය. මෙම දර්ශකය ගණනය කරන අයුරු පහත දැක්වේ.
දළ ජාතික නිෂ්පාදන අවධමනකය = පවත්නා මිල අනුව දළ ජාතික නිෂ්පාදිතය. ස්ථාවර මිල අනුව දළ ජාතික නිෂ්පාදිතය.
මේ අනුව මිල දර්ශකය දළ ජාතික නිෂ්පාදිතයේ සියලුම අංග සංයුක්ත වි සැදෙන මිල දර්ශකයක් ලෙස සැළකේ. එහි අන්තර්ගත භාණ්ඩ ආවරණ අනෙකුත් දර්ශකවලට වඩා පුළුල්ය. එබැවින් දළ ජාතික නිෂ්පාදිත ගම්ය අවධමනකය, ආර්ථිකයේ සමස්ථ වෙනස් විම් සම්බන්ධයෙන් වැඩි නියෝජනතාවක් ඇති මිල දර්ශකයක් ලෙස සැළකේ.
මෙම මිල දර්ශකය ශ්රි ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව පිළියෙළ කෙරේ. මෙහි පදනම් වර්ෂය 1996 වේ.