සාපේක්ෂ මිල සහ නිරපේක්ෂ මිල
 

සාපේක්ෂ මිල


මිල ගණන් අතර ඇති අනුපාතය,සාපේක්ෂ මිල යනුවෙන් හැදින්වේ. එක් මිලක් තවත් මිලකට සැසදිමෙන් දැක්විම,සාපේක්ෂ මිල මගින් සිදුවේ.
නිදසුන්:- 
  • පොල් ගෙඩියක මිල රු. 10.00

  • සහල් කිලෝවක මිල රු. 30.00
    මෙහිදි සාපේක්ෂ මිල ගණන් දක්වන්නේ නම්, පොල් ගෙඩියක් සහ සහල් කිලෝ 1 ක් අතර සාපේක්ෂ මිල 1:3 වේ. එනම් සහල් මිල පොල් මිල මෙන් තුන්ගුණයකි. නැතහොත් සහල් කිලෝ 1 පොල් ‍ෙගඩි තුනකි. එමෙන්ම, පොල් ගෙඩියක් සහ සහල් කිලෝවෙන් 1/3 යනාදි වශයෙන්

    විකල්ප ප්‍රයෝජන සහිත සම්පත් අතුරින් තොරා ගැනිම් කිරිමට සිදු වු විට ඒවායේ සාපේක්ෂ මිල සැළකිල්ල‍ට ගෙන ඒ අනුව තෝරා ගැනිම් කළ හැකිය. සාපේක්ෂ මිල සංකල්පයේ වැදගත් ප්‍රයෝජනයක් ලෙස සැළකේ.


    නිරපේක්ෂ මිල

    මිලේ තරම හෙවත්, මිලක මට්ටම, නිරපේක්ෂක මිල යනුවෙන් හැදින්වේ භාණ්ඩ හා සේවාවල මිල දක්වා ඇත්තේ නිරපේක්ෂ මිල අනුව මිල ගණන් ‍ෙකාතරම් ඉහළ ද පහළ ද දැනගත හැකිය. ඒ අනුව උද්ධමනය හා අවධමනය මැනිම සදහා නිරපේක්ෂ මිල ගණන් යොදා ගැනේ.

      තිරිගු කිලෝවක මිල රු. 25.00
      සීනි කිලෝවක මිල රු. 32.00

    ඉහත දක්වා ඇත්තේ භාණ්ඩ දෙකක නිරපේක්ෂ මිල ගණන්ය. මෙම මිල ගණන් අනුව එම භාණ්ඩයක මිලේ තරමත්,එක් භණ්ඩයක මිල අනෙක් භාණ්ඩයේ මිලට වඩා කොතරම් වැඩිද අඩුද යන්න දැනගත හැකිය.

    • සාපේක්ෂ මිල හා නිරපේක්ෂ මිලෙහි ඇති විශෙෂ ප්‍රයෝගික වැදගත් කම:-



      • සාපේක්ෂ මිලෙහි විශේෂිත ප්‍ර‍ායෝගික වැදගත්කම නම්,එය ආර්ථිකයක ඇති සම්පත් විකල්ප නිෂ්පාදිත අතර බෙද‍ාහැරිම තිරණය කිරිම පිළිබද සාධයක් විමය. 
      • නිරපේක්ෂ මිලෙහි ඇති විශේෂ ප්‍රායෝගික වැදගත් කම නම් එය උද්ධමනය හා අවධමනය මැනිම සදහා යොදාගැනිමයි.
  • (c) Shilpa Sayura Foundation 2006-2017