මිල මට්ටම සහ එහි වෙනස්කම්
 

මුදලේ අගය


ආර්ථික විද්‍යාවේදි මුදලේ අගය ලෙස සැළකෙන්නේ,මුදල් එකකයකට ගත හැකි භ‍ාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙම මුදල් ක්‍ර‍ය ශක්තිය (එනම් මුදල් එකකයක් සතු මිලදි ගැනිමේ හැකියාව) යනුවෙන්ද හැදින්විය හැකිය. මුදලේ අගය හා සම්බන්ධ සංකල්ප කිහිපයක් හදුනාගත හැකිය. ඒවා නම්,


  • මුදලේ නාමික අගය :- මුදාලේ නාමික අගය යනු මුදල් එකක මුහුණත දක්වා ඇති අගයයි. මෙය මුදලේ නිල අගය යනුවෙන්ද හැදින්විය හැකිය.
  • මුදලේ අභ්‍යන්තර අගය :- දේශිය මුදලේ ක්‍රය ශක්තියයි. එනම් මුල අයත්වන රට තුළදි එම මුදල ඒකකයකින් මිලදි ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි.

      මුදලේ අභ්‍යන්තර මුර්ත අගය මුදලේ දේශිය අගය යනාදි යෙදුම් වලින් හැදින් වේ.


      මුදලේ අභ්‍යන්තර අගය රටතුළ පවත්නා මිල මට්ටම අනුව වෙනස් වේ. ඒ අනුව මිල මිල ඉහල යනවිට මුදලේ අභ්‍යන්තර අගය අඩුවන අතර මිල මිල මට්‍ටම පහළ යන විට එය වැඩිවේ.
      මුදලක අභ්‍යන්තර අගය (මුදලේ ක්‍රය ශක්තිය) ක්‍රය ශක්ති දර්ශකයක් භාවිතා කොට මැනිය හැක. එය ගණනය කරන්නේ පහත අකාරයටය.

      නිදසුන:- රු 1/ = ක්‍රය ශක්තිය ගණනය කරමු.


      රුපියල් ක්‍රය ශක්ති දර්ශකය = පාද වර්ෂයේ මිල දර්ශකය x රු 1.00
      ජංගම වර්ෂ‍යේ මිල දර්ශකය 

    • (c) Shilpa Sayura Foundation 2006-2017