කොටස් හා ජාත්‍යන්තර වෙළද පොළ
- වාණිජ බැංකු
- මහ බැංකුව
- බැංකු නොවන මුල්‍ය අායතන
- ඒකකභාර
- ප්‍රාග්ධන ව්‍යවසාය සමාගම්
- කල් බදු සමාගම්
කොටස් වෙළද පොළ
කොටස් අලෙවිය සහ මිලට ගැනිම සිදුවන වෙළද පොළ, කොටස් වෙළද පොළ යනුවෙන් හැදින්වේ. සිමා සහිත පොදු සමාගම් දිගු කාලින ප්‍රාග්ධන ලබා ගන්නා ප්‍රධාන මාර්ගයක් වන්නේ කොටස් වෙළද පොළේ කොටස් නිකුතුවයි. කොටස් වෙළද පොළ කොටස් දෙකකින් සමන්විත වේ.
- ප්‍රථමික වෙළදපොළ
- ද්විතික වෙළද පොළ
ප්‍රථමික වෙළද පොළ යනු කොටස් නිකුත් කරන අවස්ථාවේදි ප්‍රථම වරට අලෙවි කරන වෙළද පොළය.
ද්විතික වෙළද පොළ යනු, දැනටමත් විකිණි ඇති ව්‍යාපාර කොටස් නැවැත නැවතත් ගනු දෙනු සදහා යොමු කරන වෙළද පොළය.
කොටස් වෙළද පොළේ නිරතවන ප්‍රධාන ආයතන
- නිකුතු ආයතන
- ලැයිස්තුගත සමාගම්
- තැරැවුකාර සමාගම්
නිකුතු ආයතන යනු සමාගමක් ප්‍රථම වරට ව්‍යාපාර කොටස් වෙළද පොළට නිකුත් කිරිම සහ පවතින සමාගමක් පුළුල් කිරිමේදි කොටස් නිකුත් කිරිම භාරව කටයුතු කරනආයතන වේ. ලැයිස්තු ගත සමාගම් යනු,කොටස් විකිනිමට අවසර ලබා ඇති සමාගම්ය.