මුදල් වෙළද පොළෙන් ඉ‍ටු වන ප්‍රධාන කාර්යයන්
 


  • වාණිජ බැංකු අතිරික්ත අරමුදල් ආයෝජනය කිරිමේ සහ වාණිජ බැංකු වලට අවශ්‍ය කෙටි කාලින අරමුදල් ගැ‍නිමේ අවස්ථා සහ පහසුකම් සැපයිම.
  • රජය නිකුත්කරන බිල්පත්, සුරකුම්පත් යනාදි ගනුදෙනු කිරිමේ අවස්ථා සහ පහසුකම් සැපයිම.
  • විදේශ ගනු දෙනුවලට සම්බන්ධ විනිමය බිල්, භාණ්ඩාග‍ාර පත්,ආදිය ප්‍රතිග්‍රහන කිරිම සහ වට්ටම් කිරිම මගින් විදේශිය වෙළදාමට අවශ්‍ය මුල්‍ය පහසුකම් සැළසිම.

මුදල් වෙළද පොළෙහි වැදගත් කම



  1. මහ බැංකු කටයුතු වඩාත් සාර්ථක ලෙස කරගෙන යැමට සහය විම.
  2. අතිරික්ත අරමුදල් පවතින අංශවලින්, අරමුදල් හිගතාවක් ඇති අංශවලට අරමුදල් ලබාදිමට මැදිහත් විම.
  3. වාණිජ බැංකුවල කටයුතු පාලනයකින් යුතුව වර්ධනය කර ගැනිම‍ට සහය විම.
  4. රටේ මුල්‍ය ක්‍රියාකාරිත්වය ක‍ාර්යක්ෂම කිරිමට සහය විම තුළින් සමස්ථ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරිමට දායක විම.

ප්‍රාග්ධන වෙළද පොළ වැදගත්කම


ආයෝජනය සදහා අවශ්‍ය දිගු කාලින අරමුදල් ගනු දෙනු වන වෙළද පොළ, ප්‍රග්ධන වෙළද පොළ යනුවෙන් හැදින්වේ. සාමාන්‍යයෙන් මාසයකට වැඩි කාල පරිච්ඡේදයකින් යුත්, මුල්‍ය උපකරණ ගනුදෙනු මෙහිදි සිදු වේ. ප්‍රාග්ධන ඉල්ලුම් කරුවන් හා ප්‍රාග්ධන සැපයුම් කරුවන් යන දෙපක්ෂයම මෙහි ක්‍රියාත්මක වෙනු ලැබේ. ප්‍රාග්ධන වෙළද පොළේ ප්‍රාග්ධන කාර්යය වනුයේ කොටස් ගනු දෙනු සහ දිගු කාලින ගනු දෙනු ක්‍රියාත්මක කිරිමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017