මුදල් වෙළද පොළ
 

මුදල් වෙළද පොළේ උප වෙළද පොළවල්


ශ්‍රි ලංකාවේ මුදල් වෙළද පොළේ ප්‍රධාන උප වෙළද පොළවල් 4ක් ක්‍රියත්මක වේ. මේවා මුදල් වෙළද පොළේ ප්‍රධාන අංශ යනුවෙන්ද හැදින් වේ. එම වෙළද පොළවල් මෙසේය. 



  • අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළද පොළ
  • භාන්ඩාගාර බිල්පත් වෙළද පොළ
  • අභ්‍යන්තර විදේශ විනිමය වෙළද පොළ
  • එතර බැංකු වෙළද පොළ

අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළද පොළ:-


එක් දිනකදි හෝ දින කිහිපයක් තුළදි පියවිය යුතු පරිදි බැංකු අතර සිදුවන ණය ගනදෙනු අතර බැංකු එක්ෂණ මුදල් වෙළද පොළ යනුවෙන් හැදින්‍ වේ. එක්ෂණ මුදල් වෙළද ‍පොළ කටයුතු වලදි වාණිජ බැංකුවල‍ට ප්‍රධාන ස්ථානය හිමිවන අතර එක්ෂණ වෙළද පොළ ගනුදෙනු ප්‍රමාණය වෙළද පොළ ද්‍රවශිලතාවය අනුව තිරණය වේ. එක්ෂණ මුදල් වෙළද පොළේ පොළි අනුපාතිකයද මුල්‍ය ක්‍රමය තුළ පවතින ද්‍රවශිලතාවය අනුව උච්චාවචනය වේ.


භාන්ඩාගාර බිල්පත් වෙළද පොළ :-


භාණ්ඩාගාර බිල්පත් යනු, රජයට අවශ්‍ය කෙටි කාලින ණය ලබා ගැනිම සදහා ශ්‍රි ලංකා ම බැංකුව විසින් අලවිකරණ හුවාරුපත් විශේෂයකි. භාණ්ඩාගාර බිල්පත් වෙළද පොළ තවත් උප වෙළද පොළවල් කිහිපයකින් සමන්විත වෙයි. ඒවා නම්


  • ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙළද පොළ
  • මහ බැංකුව ද්විතියින භාණ්ඩාගාර බිල්පත් වෙළද පොළ
  • භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිමිලදි ගැනිමේ මහ බැංකු වෙළද ‍ෙපාළ
  • භාණ්ඩාගාර බිල්පත් නැවත ප්‍රතිමිලදි ගැනිමේ මහ බැංකු වෙළද පොළ

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වලදි තිරණය වන ප්‍රතිලාභ අනුපාතික මුදල් වෙළද පොළේ අනෙකුත් පොලි අනුපාතිකයන් තිරණය කිරිමෙහිලා පුර්වාදර්ශයක් ලබා දෙයි. භාණ්ඩාගාර බිල්පත් වෙළද පොළ ශ්‍රි ලංකාවේ මුල්‍ය වෙළද පොළේ ප්‍රධානම අංශය බවට අද පත්වි ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017