ගුණාත්මක ණය පාලන ක්‍රම
 

 ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රමවලදි ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ බැංකුවල ණය මුදල් පරිමාව පාලනය කිරිමය, ප්‍රධාන වශයෙන් සළකනු ලබන ප්‍රමාණාත්මක ණය පාලනය ක්‍රම පහත දැක්වේ. 


  • මහා බැංකුවේ පොළි අනුපාතිකය වෙනස් කිරිම මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට සපයන ණය සදහා අය කරන පොලි අනුපාතිකය වෙනස් කිරිම මගින් වාණිජ බැංකුවල පොලි අනුපාතිකය‍ට බලපෑමක් ඇති කර එමගින් බැංකුවල ණය පාලනය කිරිමක් මෙහිදි සිදුවේ.
  • විව‍‍ට වෙළද පොළ කටයුතු

ශ්‍රි ලංකා මහ බැංකුවේ සුරකුම් පත් භාණ්ඩාගර බිල්පත් මිල දි ගැනිම සහ විකිනිම තුළින් වාණිජ බැංකුවල ද්‍රවශිලතාව කෙරෙහි බලපැම් ඇති කිරිම මගින් බැංකුවල ණය සැපයිම කෙරෙහි බලපැමක් ඇති කිරිම මෙයින් අදහස් වේ.



  • ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය මගින් නියම කිරිම

වාණිජ බැංකු විසින් මහ බැංකුවෙහි තැන්පත් කළ යුතු සංචිත අනුපාත අඩු වැඩි කිරිමට පියවර ගැනිම මගින් බැංකුවල ණය පාලනය කෙරෙහි බලපැමක් ඇති කිරිම මෙයින් අදහස් වේ.


ගුණාත්මක ණය පාලන ක්‍රම 



මෙයින් ප්‍රතිපත්ත‍ියේ අවශ්‍යතාවය අනුව ආර්ථිකයේ විවිධ අංශ වෙත ගල‍ා යන දිශ‍ාව පාලනය කිරිම සදහා යොදා ගැනෙන ණය පාලන ක්‍රම මෙයින් අදහස් වේ. ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන ගුණාත්මක ණය පාලන ක්‍රම පහත දැක්වේ .



  • වරණාත්මක පොලි අනුපාතිකය නියම කිරිම

තොරා ගන්නා ලද අංශ වෙනුවෙන් විශේෂිත පොලී අනුපාතික නියම කිරිම මේ යටතේ සිදුවේ.



  • ණය පරිනත කාලය වෙනස් කිරිම
  • ණය සදහා ඉදිරිපත් කළ යුතු ඇප සම්බන්ධයෙන් විශේෂතා ඇති කිරිම
  • තෝරාගත් අංශ සදහා ගලා යන ණය ප්‍රමාණය විශේෂ ක්‍රම මගින් පාලනය කිරිම

නිද:- 


1. ප්‍රතිමුල්‍ය පහසුකම් සැපයිම

2. ණයවර ලිපි වෙනුවෙන් මුදල් ආන්තිකයන් පැනවිම

 

තො‍්රාගත් අංශ සදහා ලබා දිය යුතු උපරිම ණය ප්‍රමාණය නියම කිරිම


  • ශිෂ්ට ‍ප්‍රයෝග

මහ බැංකුව විසින් යම් යම් අවස්ථාවලදි විශේෂයෙන් පෙන්නා දෙනු ලබන ඇතැම් බැංකු කටයුතු වලදි ප්‍රවේශම් කාරිවන ලෙස මහ බැංකුව වරින් වර වාණිජ බැංකු වලින් ඉල්ලා සිටිම, මෙයට නිදසුන් වශයෙන් දැක්විය හැකිය . මේවා වි‍ෙශ්ෂයෙන්ම අදාල වන්නේ සම්පේක්ෂක අරමුණු සදහා වාණිජ බැංකු ණය දිම් සම්බන්ධයෙනි


දේශිය ණය ලබා ගැනිමේදි ශ්‍රි ලංකා මහ බැංකුව අනුගමනය කරන ක්‍රියා මාර්ග


ශ්‍රි ලංකා මහ බැංකුව කෙටි කාලින වශයෙන්ද, මැදි හා දිගු කාලින වශයෙන්ද, රජයට දේශිය ණය ලබා දෙයි.
මහ බැංකුවේ ප්‍රධාන කෙටි කාලින දේශිය රාජ්‍ය ණය මාර්ග වශයෙන් භාණ්ඩ‍ාගාර බිල්පත්, බදු සංච්ත සහතිකපත් හා මහ බැංකු අත්තිකාරම් සැලකිය හැකිය.
මහ භාණ්ඩාගාරයේ ඉල්ලිම පරිදි මහ බැංකුව විසින් ප්‍රාථමික බිල්පත් වෙළද පොළේ භාණ්ඩාගාර බිල්පත් අලවිකරන අය අතර අලවි නොවු බිල්පත් ප්‍රතිමිල දි ගැනිම ද සිදු කෙරේ. බදු සංචිත සහතික මගින් සිදු කෙරෙනුයේ අනාගතයේ ගෙවිමට ඇති බදු මුදල් කලින්එකතුකරගැනිමය.මහබැංකුඅත්තිකාරම් ලෙසසැළකෙන්නේමහබැංකුවපොළිරහිතව මාසහයකකාලසිමාවක් සදහාරජයටණයසැපයිමය
මහ බැංකුවේ ප්‍රධාන මැදි හා දිගු කාලින දේශිය රාජ්‍ය ණය මාර්ග වශයෙන් රුපියල් සුරකුම්පත් භාණ්‍ඩාගාර බැදුම්කර හා ශ්‍රිලංකා සංවර්ධන බැදුම්කර යන ණය උපකරණ සදහන් කළ හැකිය.

රුපියල් ණය යනු වාර්ෂික අයවැය පනත මගින් දෙනු ලබන බලය මත ණය ලබා ගැනිම සදහා නිකුත්කරන සුරකුම්පත් විශේෂයකි. මේවා රුපියල් ණය වලට සෘජුවම දායක විම හෝ නිකුතුවක ඉතිරි ප්‍රමාණයක් හෝ මිලදි ගැනිමට මුදල් නීති පනත යටතේ මහ බැංකුවට අවසර නැත. ශ්‍රි ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් මේවා නිකුත් කර ණය රැස්කර දෙයි. භාණ්ඩාගාර බැදුම්කරද වාර්ෂික විසර්ජන පනත අනුව රජය වෙනුවෙන් ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කරයි. අලෙවි නොවු භාණ්ඩාගාර ප්‍රති මිල දී ගැනිමද මහ බැංකුව වෙතින් සිදු වේ. ශ්‍රි ලංකා සංවර්ධන බැදුම්කර මගින් සිදු වනුයේ විශේෂයෙන්ම අනේවාසික පුද්ගලයන් හා නම්කර ඇති පුද්ගලයන් ණය රැස්කර ගනි.


ශ්‍රි ලංකාවේ මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යැම සදහා ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මෑත වර්ෂවදි හදුන්වා දුන් ක්‍රියාමාර්ග






        • අය වැය හිගය පියවා ගැනිම සදහා බැංකු අංශයෙන් ණය ලබා ගැනිම හැකිතාක් දුරට සීම‍ා කරන ලෙස රජය‍ට උපදෙස් දිම 





        • බැංකු ණය කෙරෙහි පාලනයක් ඇතිකිරමය ට පියවර ගැනිම
        • ඉතිරි කිරිම සදහා අනුබල දෙන ඉතුරුම් ක්‍රම ක්‍රියාත්මක කරන ලෙස වාණිජබැංකු උනන්දු කිරිම

ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා සම්පත් ඵලදායි ලෙස යොමු කිරිම දිරි ගැන්විම සම්බන්ධයෙන් මහ බැංකුව අනුගමනය කරන ක්‍රියාමාර්ග






        • මහ බැංකුවේ ක්‍රියා‍කාරිත්වය විමධ්‍යගත කිරිම
        • මැදි කාලින හා දිගු කාලින ණය පහසුකම් සැපයිමේ යෝජනා ක්‍රමයහදුන්වා දිම.






          • අපනයන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරිම
          • ප්‍රාදේශිය ග්‍රාමිය සංවර්ධන බැංකු වැනි ආයතන පිහිටුවිම
          • ප්‍රතිමුල්‍ය පහසුකම් සැපයිම
          • ආර්ථික විශේෂඥ සේවා සහ උපදෙස් සැපයිම

(c) Shilpa Sayura Foundation 2006-2017