ණය පාලනය
ණය පරිමාව, ණය ගලාගෙන යන දිශාව. ණය ලබා ගැනිමේ පහසුව, ණය සදහා ගෙවිය යුතු පොළිය යන කරුණු රටේ ආර්ථිකයට කටයුතුවලට ගැලපෙන ආකාරයට මෙහෙය විම, ලංකා මහ බැංකු ණය පාලනය යනුවෙන් අදහස් වේ.
ප්‍රධාන ණය පාලන ක්‍රම
- ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම
- ගුණාත්මක ණය පාලනය
ඉහත ණය පාලන ක්‍රම දෙක වෙන් වෙන් වශයෙන් දැක්වුවද ඒවා ක්‍රියාත්මක විමේදි එකිනෙකට අනුපුරක වශයෙන් යොදා ගැනේ .
ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම
ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රමවලදි ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ බැංකුවල ණය මුදල් පරිමාව පාලනය කිරිමය, ප්‍රධාන වශයෙන් සළකනු ලබන ප්‍රමාණාත්මක ණය පාලනය ක්‍රම පහත දැක්වේ.
- මහා බැංකුවේ පොළි අනුපාතිකය වෙනස් කිරිම මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට සපයන ණය සදහා අය කරන පොලි අනුපාතිකය වෙනස් කිරිම මගින් වාණිජ බැංකුවල පොලි අනුපාතිකයට බලපෑමක් ඇති කර එමගින් බැංකුවල ණය පාලනය කිරිමක් මෙහිදි සිදුවේ.
- විවට වෙළද පොළ කටයුතු
ශ්‍රි ලංකා මහ බැංකුවේ සුරකුම් පත් භාණ්ඩාගර බිල්පත් මිල දි ගැනිම සහ විකිනිම තුළින් වාණිජ බැංකුවල ද්‍රවශිලතාව කෙරෙහි බලපැම් ඇති කිරිම මගින් බැංකුවල ණය සැපයිම කෙරෙහි බලපැමක් ඇති කිරිම මෙයින් අදහස් වේ.
- ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය මගින් නියම කිරිම
වාණිජ බැංකු විසින් මහ බැංකුවෙහි තැන්පත් කළ යුතු සංචිත අනුපාත අඩු වැඩි කිරිමට පියවර ගැනිම මගින් බැංකුවල ණය පාලනය කෙරෙහි බලපැමක් ඇති කිරිම මෙයින් අදහස් වේ.