ජාතික මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම
 

රටේ සර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනිම සදහා මුදල් සැපයුම,ණය සැපයුම, පොළි අනුපාතිකය යන විචල්‍යයන් මෙහෙය විම මුල්‍ය ප්‍රතිපත්තිය ලෙස සැළකේ. ශ්‍රි ලංකා මහ බැංකුවේ ඉතාමත් වැදගත් කාර්යය වන්නේ ශ්‍රි ලංකා රුපියල් අගය රැක ගැනිම සහ ක්‍රමවත් ආර්ථික වර්ධනයක් ලබා ලැනිමට සුදුසු වන අන්දාමේ මුල්‍ය ස්ථායිතාවයක් ඇති වන පරිදි ජාතික මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම සදහා ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ණය පාලන ක්‍රම යොදාගනි. එම ණය පාලන ක්‍රම නම් 






        • ප්‍රමාණාත්මක ණය පාලන
        • ගුණාත්මක ණය පාලනය

ප්‍රමාණාත්සක ණය පාලනයේදි ප්‍රධාන වශයෙන් ණය මුදල් පරිමාව පාලනය කෙරෙන අතර ගුණාත්මක ණය පාලනයේදි ප්‍රධාන වශයෙන් ණය මුදල් ගලාගෙන යන දිශාව පාලනය වේ.

    ණය මුදල් පරිමාව සහ ණය මුදල් ගලාගෙන යන දිශාව යන දෙකම පාලනය කිරිම මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම හා සම්බන්ධවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017