වාණිජ බැංකුවල බැංකුකරු වශයෙන්
 

මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ කාර්යයන් පහත සදහන් වේ.




    • වාණිජ බැංකු තැන්පතු පවත්වා‍ ගැනිම :- සැම වාණිජ බැංකුවක්ම මහ බැංකුව සමග ජංගම ගිණුමක් පවත්වාගෙන යා යුතු අතර වාණිජ බැංකුවල තැන්පතු වශයෙන් (සංචිත අවශ්‍යතා වශයෙන්) තබා ගත යුතුය.
    • ජාතික මුල්‍ය ප්‍රතිපත්තියට අනුරූපව වාණිජ බැංකු වල ණය පාලනය කිරිම :- වාණිජ බැංකුවල ණය පාලනය කිරිම සදහා මහ බැංකුව ප්‍රධාන ණය පාලන ක්‍රම දෙකක් අනුගමනය කරයි.

ඒවානම්,


‍  1) ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම
මේ යටතේ සිදුවන කරුණු





      • බැංකු ණය පොළි අනුපාතිකය නියම කිරිම
      • ව්‍යවස්ථාපිත සංචිත අනුපාත නියම කිරිම
      • විව‍ට වෙළද පොළ කටයුතු (මුදල් වෙළද පොළ හා ප්‍රග්ධන වෙළද පොළ ක්‍රියාකාරිත්වයන්)

2) ගුණාත්මක ණය පාලන ක්‍රම:- මේවා බැංකු ආයතන වල ණය පාලනය පිළිබද අතිරේක රෙගුලාසි වශයෙන් සැළකේ. එම ක්‍රම නම්, ශිර්ෂ පිළිබද උපරිම සිමා පැනවිම (ණය වර්ග සිමාවන් පැනවිම) වත්කම්වලට ප්‍රග්ධන අතිරික්තවල. අවම අනුපාතිකයක් නියම කිරිම, ණයවර ලිපි වෙනුවෙන් මුදල් අතිරික්තයක් පැනවිම, බැංකු පොළි අනුපාතික පාලන ය කිරිම, ශිෂ්ට ප්‍රයෝග (ණය දිමේදි ප්‍රවේශම් කාරි වන ලෙස උපදෙස් දිම)


3) වාණිජ බැංකුවලට අවසාන ණය දෙන්නා වශයෙන් ක්‍රියා කිරිම තැන්පතු ආපසු ගැනිම. ණය ඉල්ලුම් අධික විම ,යනාදි තත්ත්වයන් නිසා ඇතිවන ද්‍රවශිල ඌනතා සදහා වාණිජ බැංකුවක් විසින් වෙනත් උපක්‍රමයක් යොදා ගන්නා තෙක් තාවකාලික අරමුදල් පහසුකම් සැලසිම මහ බැංකුව මගින් සිදුවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017