ගනුදෙනුකරුවන් භාර ගන්නා ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම් තැන්පතු) ප්‍රමාණය මෙන් කිහිප ගුණයක ඉල්ලුම් තැන්පතු මැවිම මගින් ණය මැවිමට, වාණිජ බැංකුවලට පවතින හැකියාව. වාණිජ බැංකු මුදල් මැවිම යන්නෙන් අදහස් වේ.
වාණිජ බැංකුවකට එදිනෙදා පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ මුදල් ගැනිම හෝ තැන්පතු පැවරිම අවශ්‍යතා සදහා වාණිජ බැංකු විසින් ලග තබා ගත යුත්තේ මුළු තැන්පතු වලින් යම් ප්‍රතිශතයක් පමණි. නිදසුනක් ලෙස බැංකුවක් විසින් ලග තබාගත යුත්තේ මුළු ඉල්ලුම් තැන්පතු අගයෙන් 10% ක් නම් ඉතිරි ඉල්ලුම් තැන්පතු 90% ම අතිරික්ත මුදල් ඉල්ලුම් තැන්පතු වේ. මෙම නිදසුනට අනුව ව්‍යවහාර මුදලින් බැංකුවේ ආරම්භකර ඇති ඉල්ලු තැන්පතු වලින් 90% කට සමාන ප්‍රමණයක් හෙවත් 9/10කට සමාන ප්‍රමාණයක් දක්වා ණය මැවිමට බැංකුවට හැකි වේ.
නිදසුන් වශයෙන් බැංකුවේ ව්‍යවහාර මුදලින් ආරම්භ කෙරි ඇති ඉල්ලුම් තැන්පතු වටිනාකම රු 100,000 ක් නම්, සහ පවත්වාගත යුතු සංච්ත අනුපාතය 10% ක් නම්, 100,000 x 90 = රු900,000 ණය මැවිමට පුළුවන. එවිට බැංකුවේ මුළු ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය
10 රු . 100,000+900,000 = 1,000,000 ක් වනු ඇත.
ප්‍රායෝගික වශයෙන් සැබෑ තත්ත්වය යටතේ සළකා බලන කල්හි.කිසියම් එක් බැංකුවක් පමණක් (එනම්, බැංකු ක්‍රමයෙන් තනිව පවතින එක් බැංකුවකට පමණක්) ඉහත නිදසුන් පරිදි තම සංච්ත 1ට 10 අනුපාතයට ප්‍රසාරණය කළ නොහැකි වනු ඇත. එහෙත් බැංකු ක්‍රමය තුළ ක්‍රියාත්මක වන වාණිජ සමස්ථ බැංකුවටත් සමස්ථයක් වශයෙන් එසේ ණය මැවිම සිදුකළ හැකිය.