ද්‍රවශිලතාව රැකෙන පරිදිත්, ලාභදායිත්වය උපරිම වන පරිදිත්, වාණිජ බැංකු සිය වත්කම් ව්‍යුහය සකස් කර ගනි. ද්‍රවශිලතාව පිළිබද සැළකිළිමත් විමෙන් ගනුදෙනුකරුවන්ගේ විස්වාසය රැකෙන අතර ලාභදායිත්වය පිළිබද සැළකිලිමත් විමෙන් බැංකුවේ ආර්ථික අරමුණ ඉටුකර ගැනිම සදහා මග සැළසේ. ද්‍රවශිලතාව අඩු දිගු කාලිනව කෙරෙන ආයෝජන වලින් බැංකුවලට ලැබෙන ආයෝජ වැඩිය. මෙවැනි තත්ත්වය මත ද්රවශිලතාවත්, ලාභදායිත්වය අතර මනා තුලනයක් ඇතිවන පරිදි සිය වත්කම් පෙළගස්වා ගැනිමට වාණිජ බැංකු විශේෂයෙන්ම සැළකිලිමත් වෙයි.
වාණිජ බැංකු වත්කම් රටාව ක්‍රමයෙන් අඩුවන ද්රවශිලතාවෙන් හා ක්‍රමයෙන් ඉහල යන සැපයුම් ශක්තියෙන් යුක්ත වත්කම්වලින් සකස් වි ඇත .
වාණිජ බැංකු වගකිම් ව්‍යුහය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු වලිනි. මේවා නම් ඉල්ලුම් තැන්පතු හා කාලින තැන්පතුය.
වාණිජ බැංකුවල වත්කම් හා වගකිම් ව්‍යුහය පිළිබද අවබෝධයක් පහත සදහන් සටහනින් ලබා ගත හැකිය.
වාණිජ බැංකු සහ වගකිම්වල තොරාගත් ශිර්ෂ
(දේශිය බැංකු එකකවල කටයුතු පමණි)