වාණිජ බැංකුවල කාර්යයන්
 



    • මුල්‍ය අතර මැදියකු ලෙස වැදගත් කාරයභාරයක් ඉටු කිරිම
    • ඉල්ලුම් තැන්පතු භාරගෙන පවත්වාගෙන යැම
    • වෙනත් තැන්පතු භාර‍ෙගන පවත්වා‍ෙගන යැම
    • ණය දිම
    • ආයෝජන කටයුතු වල නිරත විම
    • විදේශ වෙළදාම සම්බන්ධයෙන් වැදගත් කාර්ය භාරයක් ඉටු කිරිම
    • නියෝජිත සේවා
    • වෙනත් සේවා

මුල්‍ය අතර මැදියකු වශයෙන් :- වාණිජ බැංකු විසින් සම්පත් අතිරික්තව තිබෙන අංශ වලින් සම්පත් රැස්කර‍ෙ‍ගන ණය අවශ්‍යතා තිබෙන අංශවලට ඒවා ලබාදිමට කටයුතු කිරිම, වාණිජ බැංකුවල ප්‍රධානම කාර්ය ලෙස සැළකේ.


ඉල්ලුම් තැන්පතු භාර ගැනිම :- ඉල්ලුම් තැන්පතු භාර ගැනිමත්, එම තැන්පතුමත ගිණුම් හිමියන් නිකුත් කරන ලද චෙක්පත්වලට මුදල් ගෙවිමත් වාණිජ බැංකුවක ඉතාමත් වැදගත් කාර්යක් ලෙස සැළකේ. මෙම ඉල්ලුම් තැන්පතු ඇසුරෙන් ණය මුදල් මැවිමද වාණිජ බැංකු වෙතින් සිදුවේ.


වෙනත් තැන්පතු භාර ගැනිම:-මෙහිදි අදහස් කරන්නේ ගනු දෙනු කරුවන් වෙනුවෙන් ඉතුරුම් තැන්පතු පවත්වා‍ෙගන යැමයි. මෙම තැන්පතු වලට බැංකුව විසින් පොළියක් ගෙවනු ලැබේ.


ණය දිම:- ඇප යටතේ ලබා දෙන විවිධ බැංකු ණය වර්ග සහ ජංගම ගිණුම් හිමියන් සදහා ලබා දෙන අයිරා පහසුකම් මෙයින් අදහස් වේ. ණය සැපයිම වාණිජ බැංකු වල ප්‍රධාන කාර්ය ලෙස සැළකේ.


ආයෝජන කටයුතු:- ලාභ ඉපයිමක්,ද්‍රවශිලතා අරමුණ ඉටුකර ගැනිමත් තුලනය වන පරිදි වාණිජ බ‍ැංකු මුල්‍ය වත්කම්වල ආයෝජන කාර්යයෙහි නිරත වේ. භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනිම. රුපියල් සුරකුම්පත් මිලට ගැනිම, කල්බදු ණය පහසුකම් සැළසිම, උකස් යනාදිය එයට නිදසුන් ලෙස දැක්විය හැකිය.


විදේශ වෙළදාම සම්බන්ධයෙන් වැදගත් තිරණ ගැනිම:- භාණ්ඩ අපනයන සහ ආනයන සදහා වාණිජ බැංකු විසින් සපයන වැදගත් කාර්යන් කිහිපයක් පහත දැක්වේ.



  • භාණ්ඩ අපනයන සදහා තොග රැස්කිරිම සහ භාණ්ඩ නැව්ගත කිරිම
  • භාණ්ඩ ආනයනය සදහා ආනයන කරුවන්ට බැංකු ණය සැපයිම
  • විනිමය බිල්පත් වට්ටම් කිරිම
  • ණයවර ලිපි පහසුකම් සැලසිම

අපනයන සහ ආනයන සදහා අවශ්‍ය ණය සහ උපදෙස් සැපයිම


නියෝජිත සේවා:- වාණිජ බැංකු විසින් සිය ගනුදෙනු කරුවන් වෙනුවෙන් නියෝජිත සේවා රාශියක් ඉටු කරයි. ඉන් කිහිපයක් මෙසේය.




    • ගනුදෙනුකරු වෙනුවෙන් විවිධ ගෙවිම් සදහා ස්ථාවර නියෝග ක්‍රියාවට නැංවිම
    • ගනුදෙනුකරු වෙනුවෙන් ගිණුමට විවිධ බැර කිරිම් ලබා ගැනිම
    • ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය මත ඔහුගේ නියෝජිතයකු මෙන් අනෙකුත් බැංකු සමග කටයුතු කිරිම
    • ගනුදෙනුකරු වෙනුවෙන් කොටස් හා බැදුම්කර යනාදි පිළිබද ගනු දෙනු සිදු කිරිම

වෙනත් සේවා:- ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලිම,ලාභ ඉපයිම හා සමාජිය සහජිවනය යනාදි අරමණු සදහා වාණිජ බැංකු විවිධ කාර්යන් වල නිරත වනු දැකිය හැකිය. ස්වංක්‍රිය ටෙලර් යන්ත්‍ර පහසුකම් සැපයිම, සුරක්ෂිතාගාර පහසුකම් සැපයිම,විවිධ පඨමාල සංවිධානය කිරිම. විවිද සහනාධාර සැපයිම යනාදි මෙවැනි සේවාවන්ට නිදසුන්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017