බැංකු විසින් ජනතාව වෙත සපයනු නොලබන ඇතැම් මුල්‍ය පහසුකම් හා සේවාවන් සැපයිම මුලික කරගෙන පිහිටුවා ඇති මුල්‍ය ආයතන විශේෂය, බැංකු නොවන අතර මැදි මුල්‍ය ආයතනයන් යනුවෙන් හැදින්වේ. මේවා මුල්‍ය අතරමැදි ආයතන යනුවෙන්ද හැදින්වේ. ආරම්භයේදි මේවා රජය සහ ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පිහිටුවන ලද අතර පසුව (විශේෂයෙන්ම 1977 න් පසු පෞද්ගලික අංශ මගින් ද පිහිටුවන ලදි.
ශ්‍රි ලංකාවේ බැංකු නොවන අනෙකුත් මුල්‍ය ආයතන වර්ග
- තැන්පතු රැස්කරණ ආයතන නිද:- ජාතික ඉතිරි කිරිමේ බැංකුව
- දිගු කාලින ණය දෙන ආයතන නිද:- ජාතික සංවර්ධන බැංකුව
- රක්ෂණ සමාගම් නිද:-ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව
- ගිවිසුම්ගත ඉතිරි කිරිමේ ආයතන නිද:- සේවක අර්ථ සාධක අරමුදල
- වණික් බැංකු නිද:- සි/ස මහජන ව්‍යාපර බැංකුව
- කල්බදු සමාගම් නිද:- සි/ස ඔරෙක්ස් ලිසිං සමාගම
- ව්‍යයවසායක ප්‍රග්ධන සමාගම් නිද:- සි/ස කැපිටල් ආයෝජන සහ සංවර්ධන සමාගම
- මුදල් තැරැවුකරුවන් නිද:- කීල්ස් ටි ඇන්ඩ් ආර්. ලිමිටඩ්
- වෙනත් විශේෂ මුල්‍ය සේවා ආයතන සි/ස ද ෆිනැන්ස් (මුල්‍ය සමාගමකි )
- කොමිට්රස් හිමිකම් අරමුදල (ඒකක භාර අරමුදලකි.)