මුදල් සැපයුමේ තීරක
 

මුදල් සැපයුම කෙරෙහි බලපාන සාධක, රාජ්‍ය අංශයේ කටයුතු, පෞද්ගලික අංශයේ කටයුතු බැංකු ක්‍රමයේ ශුද්ධ වත්කම් වෙනස් විම, යනු වෙන් ප්‍රධාන සාධක තුනක‍ට එම එක් එක් සාධක නැවත උප කොටස් වලටද බෙදා දැක්විය හැකිය.


1. රාජ්‍ය අංශයේ හෙවත් පොදු අංශයේ ක‍ටයුතු



  • ර‍ාජ්‍ය මහ බැංකුවෙන් ලබා ගන්නා ණය
  • රජය විසින් වාණිජ බැංකුවෙන් ලබා ගන්නා ණය
  • රජයේ මුදල් ශේෂය වෙනස් විම.

2. පෞද්ගලික අංශයේ කටයුතු



  • වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය‍ට සපයන ණය
  • වාණිජ බැංකුවල පවත්නා පෞද්ගලික අංශයේ ඉතිරි කිරිම්

3. බැංකු ක්‍රමයේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් විම



  • මහ බැංකුවේ ශුද්ධ විදේශිය වත්කම් වෙනස් විම
  • වාණිජ බැංකුවල ශුද්ධ විදේශ වත්කම් වෙනස් විම


  • රාජ්‍ය මහ බැංකුවෙන් ලබා ගන්නා ණය:-

මහ බැංකුව අලුතින් මුදල් හා නෝට්ටු මුද්‍රණය කිරිම මගින් රජයට ණය සැපයිය හැකිය. එවිට රටේ ව්‍යවහාරික මුදල් ප්‍රමාණය වැඩි වි මුදල් සැපයුම ඉහළ යනු ඇත.



  • රජය විසින් වාණිජ බැංකු වලින් ලබා ගන්නා ණය:-

මෙවි‍ට වාණිජ බැංකු වල ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය වැඩිවේ. එය රටේ මුදල් සැපයුම ඉහළ යැමට හේතුවකි.



  • රජයේ මුදල් ශේෂය වෙනස් විම :- >

රාජ්‍ය බැංකු දෙපාර්තමේන්තු යනාදි ආයතනවල රජයේ නම‍ට පවතින මුදල් ශේ ෂය අ‍ඩු වැඩි විම මෙයින් අදහස් වේ. මෙම මුදල් ශේෂ රජයේ නම‍ට තිබෙන විට ඒවා මුදල් සැපයුමට ගණන් ගන්නේ නැත. එහෙත් ඒවා වියදම් කරන විට මහජනය‍ා අතරට ඒවා පත් විමෙන් රටේ මුදල් සැපයුම ඉහළ යයි. එබැවින් රජයේ මුදල් ශේෂය අ‍ඩු විම රටේ මුදලු සැපයුම ඉහළ යැමට හේතුවකි.

අනෙක් අතට මහජනයා රටට අයබදු යනාදි ගෙවිම් කරන වි‍ට, මහජනය‍ා අත සංසරණය වන මුදල් ප්‍රමාණය අඩුවි රජයේ මුදල් ශේෂ වැඩි වෙයි. මහජනය‍ා අත ගැවසෙන මුදල් ප්‍රම‍ාණය අඩු විමෙන් රටේ මුදල් ප්‍රමාණය අඩු වෙයි. එබැවින් රජයේ මුදල් ‍ෙශ්ෂ වැඩිවිම රටේ මුදල් සැපයුම අඩුවිමට හේතුවක් ලෙස සැළකේ.



  • වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට දෙන ණය:‍-

මේ මගින් වාණිජ බැංකු වල ඉල්ලුම් තැන්පතු (බැංකු මුදල් )වැඩි වෙයි. එය රටේ මුදල් සැපයුම ඉහළ යැමට හේතුවකි.



  • වාණිජ බැංකුවල පවතින පෞද්ගලික අංශයේ ඉතිරි කිරිම්:-

පෞද්ගලික අංශය නමට වාණිජ බැංකුවල පවත්නා ඉතිරි කිරිමේ තැන්පතු හා ස්ථාවර තැන්පතු යනාදිය වාණිජ බැංකුවේ පවත්නා පෞද්ගලික අංශයේ ඉතිරිකිරිම් ලෙස සැළ‍කේ. පෞද්ගලික අංශය මෙම තැන්පත් කරන විට ඔවුන් අත සංසරණය වන මුදල් ප්‍රමාණය අ‍ඩු වේ. එය මුදල් සැපයුම අඩු විමට හේතු වේ. එමෙන්ම වාණිජ බැංකු වල ඇති මෙම තැන්පතු වලින් මුදල් අපසු ගන්නා වි‍ට මහජනයා අතගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි වේ. එය මුදල් සැපයුම වැඩි විමට හේතුවකි.



  • මහ බැංකුවේ ශුද්ධ වත්කම් වෙනස් විම :-

මහ බැංකුවේ විදේශ වත් කම් වලින් විදේශ වගකිම අඩු කල විට. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ලැබේ. මෙම ශුද්ධ විදේශ වත්කම් වැඩිවිම රටේ මුදල් සැපයුම වැඩිවිමට හේතුවක් වන අතර එය අ‍ඩු විම රටේ මුදල් සැපයුම අඩුවිමට හේතුවක් වේ.



  • වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් වෙනස් විම:-

වාණිජ බැංකු ශුද්ධ විදේශ වත්කම් වැඩිවිම රටේ මුදල් සැපයුම වැඩිවිම කෙරෙහි ද වාණිජ බැංකු ශුද්ධ විදේශ වත්කම් අඩු විම රටේ මුදල් සැපයුම අඩු විම කෙරෙහි ද බලප‍ාන සාධක ලෙස සැළකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017