ශ්‍රි ලංකාවේ මුදල් සැපයුම කොටස් කර දක්වන ආකාරය
- මහජනයා සතු ව්‍යවහර මුදල්
- වාණිජ බැංකු වෙතැති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු
යන කොටස් දෙකෙහි එකතුව පටු මුදල් සැපයුම (M1) ලෙස සැළකෙයි.
- පුළුල් මුදල් සැපයුම M2
- පටු මුදල් සැපයුම
- වාණිජ බැංකු වෙතැති මහජනයා සතු කාලින තැන්පතු සහ ඉතුරුම් තැන්පතු යන සියළුම කොටස් වල එකතුව පුළුල් මුදල් සැපයුම ලෙස (M 2) සැළකේ.
- පටු මුදල් සැපයුම
- එකාබද්ධ පුළුල් මුදල් සැපයුම M2b
- පටු මුදල් සැපයුම සහ
මුළු ආසන්න මුදල්
- මුළු ආසන්න මුදල්
- විදේශ ව්‍යවහර බැංකු එකක සතු
- මුළු ආසන්න මුදල්
යන සියලුම කොටස් වල එකතුව එකාබන්ධ පුළුල් මුදල් සැපයුම M2b ලෙස සැළකේ.
- වඩාත් පුළුල් කළ පුළුල් මුදල් සැපයුම M4
- පටු මුදල් සැපයුම සහ
මුළු ආසන්න මුදල්
- දේශිය බැංකු ඒකක සතු
- විදේශිය ව්‍යවහාර බැංකු ඒකක සතු
- බලපත්‍රලාභ විශේෂිත බැංකු සතු
- මුල්‍ය සමාගම් තැන්පතු
යන සියලුම කොටස්වල එකතුව,වඩාත් පුළුල් කළ පුළුල් මුදල් සැපයුම (M4) ලෙස සැළකේ .
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම පුළුල් මුදල්, ඒකාබද්ද පුළුල් මුදල්, වඩාත් පුළුල් කළ පුළුල් මුදල්, යනාදි වශයෙන් ගණනය කිරිෙම් ප්‍රධාන අවශ්‍යතාවය කුමක්ද?
පටු මුදල් සැපයුමට ආසන්න මුදල් එකතු විමෙන් පුළුල් මුදල් සැපයුම ලැබේ. ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පුළුල් මුදල් සංකල්පය වැඩි දියුණු කර ගණනය කිරිමේ ප්‍රධාන අවශ්‍යතාවය වනුයේ. පටු මුදල් සැපයුමට ආසන්න මුදල් ඇතුළත් කිරිමයි.
ආසන්න මුදල් යනු, පහසුවෙන් මුදල් බවට පෙරළිය හැකි වත්කම්ය. එවා තරමක් ඉහළ ද්‍රවශිලතාවකින් යුත් වත්කම් ලෙස සැළකේ. වාණිජ බැංකු වල කාලින හා ඉතුරු තැන්පතු, බැංකු නොවන මුල්‍ය ආයතන වල කාලින හා ඉතුරුම් තැන්පතු කෙටි කාලින වාණිජ බිල්පත්‍ර,කෙටි කාලින සුරකුම්පත්, යනාදි වත්කම් ගණනාවක් ආසන්න මුදල්වලට අයත් වේ. මේවා තරමක් ඉහළ ද්‍රවශිලතාවයකින් යුත් වත්කම් නිසා පටු මුදල් මෙන්ම බොහෝ දුරට වියදම් කෙරෙහි බලපායි. මේ නිසා ආසන්න මුදල් ඇතුළත් කොට පුළුල් මුදල් සැපයුම් සංකල්පය වැඩි දියුණු කර ගණනය කිරිමෙන් රටෙහි මුදල් සැපයුම වඩාත් පුළුල් අර්ථයකින් තාත්වික ලෙස ඉදිරිපත් කිරිමට හැකිවි ඇත.
ශ්‍රි ලංකාවේ පටු මුදල් සැපයුමෙන් (M1) වැඩි කොටසක් වලංගු මුදල් වලින් සමන්විත වන අතර පුළුල් මුදල් සැපයුමෙන් වැඩි කොටසක් කාලින හා ඉතුරුම් තැන්පතු වේ. මෙයින් ඔබට ලබා ගත හැකි නිගමන මොනවාද?
ශ්‍රි ලංකාවේ පටු මුදල් සැපයුමෙන් (M1) වැඩි කොටසක් වලංගු මුදල් වලින් සමන්විත වන අතර පුළුල් මුදල් සැපයුමෙන් වැඩි කොටසක් කාලින හා ඉතුරුම් තැන්පතු වේ. මෙයින් ඔබට ලබා ගත හැකි නිගමන මොනවාද?
නිදසුන් :- 2000-52.8%, 2001- 53.6%, 2002 -54.0%
මෙසේ පටු මුදල් සැපයුමෙන් වැඩිහරියක් ව්‍යවහර මුදල් විමෙන් නිගමනය වන්න, ජනතාවගේ බැංකු පුරුදු එනම් චෙක්පත් වලින් ගනුදෙනු කිරිමේ පුරුදු එතරම් දියුණු මට්ටමක නොපවතින බවයි. එබැවින් බොහෝ ජන කොටස් විසින් ගනු දෙනු සදහා ව්‍යවහාර මුදල් භාවිතා කරන බව පෙනි යයි.
ශ්‍රි ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් වැඩි කොටසක් කාලින හා ඉතුරුම් තැන්පත් වලිනි.
නිදසුන්:- 2000- 75.4%, 2001- 77.7%, 2002-77.6%මෙම සංඛා වලින් පෙනි යන්නේ මුදල් පුළුල් සැපයුමෙන් දළ වශයෙන් 75% කටත් වැඩි කොටසක් කාලින හා ඉතුරුම් තැන්පතු වන බවයි. එනම් ආසන්න මුදල් බවයි. මෙයින් නිගමනය වන්නේ පුළුල් මුදල් සැපයුම තුළ ආසන්න මුදල් ඉතා වැදගත් කොටසක් වි ඇති බවයි. ඒ අනුව ජනතාව විසින් බැංකු වල කාලින ගිණුම් සහ ඉතිරි කිරිමේ ගිණුම් පවත්වාගෙන යැම ද්‍රවශිල සම්පත් තබා ගන්නා ප්‍රධාන මාර්ගයක් බවට පත්වි ඇත. බැංකුවල පවත්වා ගන්නා කාලින හා ඉතුරු කිරිමේ තැන්පතුවලින් පොළි ආදායමක් ලැබිමත්, එම තැන්පතු සුරක්ෂිත වත්කමක් ලෙස සැළකිය හැකි විමත් යනාදි සාධකයන් පුළුල් මුදල් සැපයුමෙන් වැඩි කොටසක් මෙසේ කාලින හා ඉතුරුම් තැන්පතු වලින් යුක්ත විමට ප්‍රධාන වශයෙන් බලපා ඇ